ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර ගෙන නැති බැවින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මුදල් අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද(08දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ සඳහන් කළේය.