රුසියානු ජාතිකයෙකුට කුරුඳු පොල්ලකින් පහරදි තුවාල සිදු කල බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අහංගම කතළුව එස්.කේ.වත්තේ පදිංචි ත්රි රෝද රථ රියදුරෙක් සහ ඔහුගේ මිතුරෙකි.
අහංගම කබලාන ප්රදේශයේ ලැගුම් හලක නතරව සිටින මෙම රුසියානු ජාතිකයාට වැල්හේන්ගොඩ මුහුදු වෙරලේදි මෙසේ පහරදි ඇති බවද සංචාරකයින්ට මග පෙන්වන පුද්ගලයෙකු සමග කතා කරමින් සිටිම මෙම පහරදිමට හේතුව බවට අනාවරණයවි ඇති බවද පොලිසිය පවසයි.
අහංගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ටි.එච්.බන්දුල මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශණ අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලබන අතර සැකකරුවන් අද (08දා) ගාල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ගාල්ල රවිදු දියගහගේ