දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා අද (08දා), හෙට (09දා) හා අනිද්දා(10දා) යන දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය ඉහළ යා හැකිබව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව අද(08දා) සබරගමුව, ඌව පළාත්වලත්, ගාල්ල, කළුතර, මාතර දිස්ත්රික්වලත්ඇතැම් ස්ථානවලටමිලිමීටර් 100 ඉක්මවූ තදවැසි ඇති විය හැකි බවත්, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තදවැසි ඇති විය හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණවිද්යාඥශ්රිමාල් හේරත් මහතා පැවසීය.
ගිගුරුම්සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල සුළඟේවේගය තාවකාලිකවඉහළ යා හැකි බවත්, මේ නිසා සුළං මගින්සිදුවන අනතුරුහා අකුණු අනතුරුවළක්වාගන්නා ලෙසද ඉල්ලා සිටියි.
දිවයිනට නැගෙනහිරදෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසාඅද ගාල්ලසිට හම්බන්තොට සහ මඩකලපුව හරහා තිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවලට සුළඟේවේගය විටින් විට පැයට කිලෝ මීටර් 40-50 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ නිසා ධීවරහා නාවික ප්‍රජාව මේ පිළිබඳ විමසිලිමත්වන ලෙසත්, ඉදිරිකාලගුණ නිවේදන පිළිබඳ අවධානයයොමු කරන ලෙසද එම දෙපාර්තමේන්තුවඉල්ලා සිටියි.
දෘශ්‍ය ලෙසසූර්යා උතුරට ගමන් කිරීම යටතේ අද (08දා) කිඹුලාපිටිය, දංඹවිට, ගලහා, මාරස්සන කන්ද, දමන, සින්නමුහත්තුවරම් ප්රදේශවලටදහවල් 12.12 හිරු මුදුන්වන බවදකාලගුණ විද්යාදෙපාර්තමේන්තුවපෙන්වා දෙයි.