රටේ තිබෙන අර්බුදය සඳහා විවාදයේදී සාධනීය අදහස් ඉතා විරලයි - කථානායක
වර්තමානයේ රටේ උද්ගතව තිබෙන අර්බුද සඳහා පැවැත්වෙන විවාදයේදී ඊට මුහුණ දීම සඳහා සාධනීය අදහස් දැක්වීම හා විසඳුම් ඉදිරිපත් කිරීම ඉතා විරල වීම කණගාටුවට කරුණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුව අද (07දා) ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මහින්ද යාපා අබේවර්ධන මහතා,
සභාව එකඟ වූ පරිදි අද දින වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දැක්වීම පිළිබඳව පක්ෂ, විපක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට මම ස්තූතිවන්ත වෙමි. එහෙත් මෙම විවාදයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීම හා විසදුම් ඉදිරිපත් කිරිම ඉතා විරල වීම කණගාටුවට කාරණයකි.
විවාදය ආරම්භ කිරීමට න්‍යාය පත්රානුකූලව කටයුතු කිරීමේදී ඊට බාධා කිරීමත්, සභාව දෙවරක් අත්හිටුවීමට සිදු වීමත් මෙවැනි තීරණාත්මක අවස්ථාවක සිදු නොවිය යුතු දේවල් හැටියට මම දකිමි. මාධ්‍ය තුළින් වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණද දයාසිරි ජයසේකර මැතිතුමාත්, ඒ වගේම විජයදාස රාජපක්ෂ මන්ත්රීතුමාත් ඉදිරිපත් කළ අදහස ඉතාමත් වැදගත්. ඒ වගේම සභාවේ අවධානය යොමුකළ යුතු කාරණා බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එහිදී එතුමා අවධාරණය කළේ අප සියලු දෙනාම පක්ෂ පාට භේදයකින් තොරව දේශපාලන අරමුණු පසෙකලා මේ අර්බුදය ජය ගැනීමට පොදු වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් සකස් කළ යුතු බවයි. ඒ වගේම සියලුම මන්ත්‍රීවරුන් අද මේ අවස්ථාවේදී සභාව තුළ වෙනදා පුරුදු පරිදි දේශපාලන අර්බුද මතු කර ගෙන කටයුතු කිරීම කණගාටුවට කාරණයක් බව නැවත වරක් මතක් කරමින් හෙට දින විවාදයේ දී සියලු දෙනා මෙම කරුණු මතක තබා ගෙන විවාදය අවසානයේ අප සියලු දෙනාටම එකඟ විය හැකි සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට හැකිවන ආකාරයට කටයුතු කරන ලෙස ඔබ සියලු දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිමි. යනුවෙන් සඳහන් කළේය.
popular news
-
rocky Thursday, 07 April 2022 12:55 PM
Garu Jonston Pranaando Mahaththayaa wage aya Nikarune kaale naasthi karanawa, Palak nethi anan manan dodawanna !
Reply : 0 0
ඉරංග Friday, 08 April 2022 05:10 AM
ජොන්ස්ටන් සහ කථානායක දෙපළ තමයි ඔය ප්‍රශ්නෙට වඩා වග කියන්න ඕන. අර්බුදයේ සුලමුල පිළිනොගැනීමත්, වෙනත් න්‍යාය පත්‍රයකින් ජ.වි.පෙ. (ජා.ජ.වේ.) සමග පැටලීමත් තමයි පොහොට්ටු කණ්ඩායමේ න්‍යාය පත්‍රය වුණේ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

