රාජ්‍ය සේවය තුළ විශාල ලිපි ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙමින් තිබෙනබවත්, මේ නිසා රාජ්‍ය සේවයේ වැඩකටයුතු සිදුකිරීමේදී විවිධ බාධාවන් ඇතිවෙමින් තිබෙන බවත් රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
දිනපතා මෙම ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසාආයතනමට්ටමින් හෝමෙම ද්‍රව්‍ය මිලදී ගැනීමටනොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්, මෙමගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතුනොකළහොත්ඉදිරියේදී රාජ්යසේවයපවත්වාගෙන යාමේදී බරපළත ගැටලුවලට මුහුණදීමට සිදුවන බවත් එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා පැවසීය.
මේවනවිට ලියුම්කවර, පොටෝ කොපි කොළ, ෆැක්ස් යන්ත්‍රවලට භාවිත කරන කඩදාසි රෝල්, ෆයිල් කවර, නිවාඩු ඉල්ලුම් පත්‍ර, වවුචර්පත්, දැනට හිඟව පවතින බවත්, ඉදිරියේදී බිල් පොත්වලත් හිඟතාවන් ඇති වීමේ අවදානමක් පවතින බවද ඒ මහතා පවසා සිටියේය.
ලිපි ද්රව්යහිඟය නිසා රාජ්‍ය සේවය පවත්වාගෙන යාම ගැටලුකාරී තත්ත්වයක් ඇති වීමට අමතරව විදුලිකප්පාදුව නිසාත් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේදී ගැටලු ඇති වී තිබෙන බවත්, ඉන්ධන හිඟය නිසා රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීමේදීප්රමාදයන් ඇති වී තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.