කොළඹ ජාතික රෝහල තුළ මේ වනවිටකෝවිඩ් රෝගීන් 75දෙනෙකුට අධික සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවත්,ඔවුන් සියලු දෙනා කෝවිඩ් මර්දන එන්නතෙහි නියමිත මාත්රාලබාගෙන නොමැති බවත්එමරෝහලෙහි කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
ජනවාරි 29 වැනි දින එරට පාර්ලිමේන්තුව පුළුල් බහුතරයකින් ඡන්දය ලබාදෙමින්, ඔහුගේ නැවත තේරී පත්වීම සිදුවිය.
Read Moreඉකුත් ජනවාරි 27 දා දහවල් ගැබිනි කාන්තාවක පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිට පානදුර මූලික රෝහල වෙත රැගෙන එමින් සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු පානදුර මූලික රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මග හරස් කොට සැකකරුට වෙඩි තැබීමට උත්සාහ දරා තිබුණි .
Read Moreඅ.පො.ස. උසස් පෙළවිභාගය පැවැත්වෙන කාල සීමාව තුළ පෙර පාසල් වසා නොතබන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර 31 බිංගෙය ආසන්නයේදී අද (03දා) විදේශ යුවලක් දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
Read Moreමඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේදි යතුරු පැදියක් හා පා පැදියක් සොරකම්කිරිම සමිබන්ධයේන් කොක්අඩිචෝලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබු පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය වහා ක්රියාත්මකවනපරිදි අත්හිටුවිමට කල්මුනේ සහකාර පොලිස් අධිකාරි ඩි.එමි එල් බුද්ධික මහතා ඊයේ (02දා) ක්‍රියාකළේය.
Read Moreපළාත් 06ක ගොවි ජන සේවා මධ්‍යස්ථාන 47කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීම අද (03දා) ජනපති කාර්යාලයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreයුරෝපීය කොමිසම මගින් පිරිනමනු ලබන භූගෝලීය දර්ශක (GI) සහතිකය ශ්‍රී ලංකාවේ කුරුඳුවලට ලැබී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය කියයිෙමෙම භූගෝලීය දර්ශකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු නිෂ්පාදනය වන්නේද කුරුඳුයි. කුරුඳු වෙනුවෙන් මෙම සහතිකය ඊයේ (02දා) ලබාදුන් බව යුරෝපා කොමිෂම කියයි.
Read Moreමේ අනුව මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් වශයෙන් මෙම පිරිසට නිදහස හිමිවෙයි.
Read Moreරාගම වෛද්‍ය පීඨයේ ඇතිවූ ගැටුමට අදාළව එහි සිව්වන වසරේ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. තෙවන වසරේ සිසුවෙකුට සිදුකළ පහරදීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreතේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 08 දෙනෙකුට සහ ක්ෂේත්‍ර නිලධාරියෙකුට එල්ල වු බඹර ප්‍රහාරයකින් 09 දෙනෙකු තුවාල ලබා අද (03දා) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව පොලිසිය පැවසිය.
Read Moreබන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreබ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය තරමක පහළ බැසීමක් පෙන්නුම් කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට 0.7කින් එසේත් නොමැතිනම් ඩොලර් සත 61කින් අඩුවී බැරලයක් ඩොලර් 88.86ක් වූ බව රොයිටර්ස් පුවත් සේවය කියයි.
Read Moreබ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික රූ රැජින කිරුළ හිමි කර ගත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක් සදහා අද(03දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව ජනවාරි මස 26 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට යාමේදී, එහි තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ තොගයක් සැකකටයුතු යාත්‍රාව මඟින් මුහුදට දමන ලදී.
Read Moreඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.
Read Moreඅපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කොට තරුණයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහත නඩුව ලබන ජුනි 17 වනදා කැඳවීමට නියම කළේය.
Read MoreLTTE යැයි සැකපිට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කළ යුතු බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේදී ’’එය කලයුත්තක්’’ බව ජනාධිපතිවරයා පැවසූ බවත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදු බල සේනා නායක, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මාධ්යභවේදියෙකු නැගූ ප්රනශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඊයේ (2) කොලොන්නාවේදී පැවසූහ.
Read Moreකුඩා හබල් යාත්‍රාවකින් මැලේසියාවේ සිට අප්‍රිකාව දක්වා ලොව වටා සංචාරයේ යෙදෙන ලිතිවියානු ජාතික මුහුදු සංචාරකයා ඊයේ (02දා) පස්වරුවේ ගාල්ල වරායෙන් දිවයිනට ලඟාවිය.
Read Moreමතභේදයට තුඩු දි ඇති රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදිමේ සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read More(UPDATE) රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු රාගම පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 07 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreපවතින කෝවිඩ් තත්ත්වය හමුවේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ලබන සදුදා (07දා) පස්වරුවේ රැස්වීමට නියමිතය.
Read Moreජාතික නිදහස් දින උත්සවයට එක් නොවීමටත්, නිදහස් දිනය වෙනුවෙන් කාදිනල් හිමිපාණන් පවත්වන දිව්‍ය පූජාව නොපැවැත්වීමටත් උන්වහන්සේ තීරණය කර ඇති බව ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසූහ.
Read Moreඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු එක්දින නායකයෙක් මෙන්ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
Read Moreප්‍රකාශය මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු දෙක ඇතුළත. Fact check විදේශ ණය පිළිබඳව ජනපති රාජපක්ෂ කරන ප්‍රකාශය සදොස්ය
Read Moreමොරටුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම හා නිම කිරීම සඳහා, ඉතා සහනදායී ණයක් ලෙස රුපියල් මිලියන 6000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට,කුවේට් අරමුදල එකඟත්වය පළ කර තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඊයේ (02දා) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදීය.
Read More(LONG READS) පසුගිය වර්ෂයේ අගෝස්තු මස පවත්වන්නට යෙදුණු නමුත්, කෝවිඩ් වසංගතයේ බලපෑම මත කල් ගිය අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා (07) ආරම්භ වීමට නියමිතයි. මේ ඒ සඳහා මුහුණ දෙන දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඉදිරිපත් වූ අයුරුයි.
Read Moreකහතුඩුව පොල්ගස්ඕවිට ඒ ටි එම් කුටියක අමතකව දමා ගිය බැංකු කාඩ් පතක් සොරාගෙන රන් භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පැවසීය. ඔවුන් දෙදෙනාම මීට දින කිහිපයකට ඉහත දී පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ පුද්ගලයන් බව විමර්ශනවලදී හෙළිවී ඇත.
Read Moreමන්ත්‍රී වැටුපක් ලැබුට මම රට වෙනුවෙන් සමාජ ව්‍යාපාරයක් හදනවා. මට මාසෙට කෝටි 10ක් තිබණත් මදි.
Read Moreබෙන්තොට ගාලුපාරේ පැරණි ප්‍රාදේශීය සභා කාර්යාලය ආසන්නයේදී අද(3දා) ත්‍රීරෝද රථයක් මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් ත්‍රීරෝද රථයට බරපතල හානි සිදුවී එහි ගමන් ගත් රියදුරු ඇතුළු දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට සහ බෙන්තර රෝහලට ඇතුළත් කර ඇතැයි බෙන්තොට පොලීසිය පවසයි.
Read More