’’Thai Smile’’ බැංකොක් සිට කටුනායක ගමන් අරඹයි
තායිලන්තයේ බැංකොක් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ඍජු ගමන් සේවා , තායි ස්මයිල් (Thai Smile ) ගුවන් සේවය මගින් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ " සිල්ක් රූට් " පර්යන්තයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය .
ඒ. - 320 වර්ගයේ ගුවන් යානා සතියේ දින හතේම , එනම් තායිලන්තයේ බැංකොක් නුවර සිට අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන මෙම ගුවන් යානය , යළිත් එදිනම අලුයම 01.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතය .
මෙසේ තායිලන්තයේ බැංකොක් නුවර වෙත පිවිසෙන ගුවන් මගීන් එතැන් සිට පළල් බඳ සහිත තායි ගුවන් සේවා ගුවන් යානා මගින් ජපානය කොරියාව , හොංකොං , ඕස්ට්‍රේලියාව , සිංගප්පූරුව , ඉන්දුනීසියාව යන රටවල් වෙත ද ඍජු ගුවන් සේවා පහසුකම් ලබා දීමට සැළසුම් කර තිබේ .
මෙම තායි ස්මයිල් ගුවන් සේවය , තායිලන්තයේ තායි ගුවන් සේවයට අනුබද්ධිත උප ගුවන් සේවා සමාගමකි .
මෙම ගුවන් ගමන් සේවා ආරම්භ වීමත් සමගම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුළුල් වීමත් , එමගින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා ඒමත් අපේක්ෂා කරන බවද මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කළේය .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පෝජ් හාන් පෝල් ( Poj Harn Pol ) , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් රෙහාන් වන්නිඅප්පා , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මධුභානි පෙරේරා මහත්මිය සහ මෙම ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත ඇන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

