saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 6252 hours ago

LATEST

මයිනාගෝගමට එරෙහිව අධිකරණ නියෝගයක්

calendar_today 2022 මැයි 04 - 15:21 remove_red_eye - 1472  

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සවුක්කාඩු මුහුදු තීරයේ ඊයේ (03දා) රාත්‍රීයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 492 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

යාපනය චාවකච්චේරි පොලිස්වසමේ කොඩිකාමම් මාර්ගයේදී යතුරුපැදියක් සහ කැබ්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (03දා) පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

අප රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායක බවත් , එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (04දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළේය .

Read More

මුලතිව් මල්ලාවි පොලිස් වසමේ තිරුනගර් ප්‍රදේශයේ පිහිටි මාර්ගයක යතුරුපැදියක් ඊයේ (03දා) රාත්‍රී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේදී පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් කරමින් සිටි 12දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අද (04දා) අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටී.

Read More
ඩොලරය 370යි
4 05 2022 11:47:00
0 489

මෙරට බලපත්‍රලාභී ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක් අද (04දා) ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස වාර්තා කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව අද(04දා) පෙරවරැ 10ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්විය.

Read More

ඖෂධ සපයා ගැනීම පිළිබඳ ගැටළුවක් ඇත් නම් 1999 දුරකථන අංකයට ඇමතීමෙන් සහය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ උපදෙස් මත මෙම දුරකථන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් දැනට භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50කටත් වඩා අඩු බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.

Read More

මෝටර් රථයකින් රැගෙන යමින් සිටි ගංජා කිලෝග්රෑම් අටක් සමග දෙදෙනෙක් ඊයේ(3දා) මැදියම් රැයේදී මීටියාගොඩදී සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

පානදුර ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් තනිව ජීවත්වන නිවාස ඉලක්ක කරගනිමින් මුදල් සහ රණ්භාන්ඩ කොල්ලකන ’වලපල පැනියා’ ඇතුළු සංවිධානාත්ම කල්ලියක සිව්දෙනෙකු ඊයේ (03දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි

Read More

පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුහු සඳහන් කළහ.

Read More

ගැටලුව විසඳීම සඳහා පුළුල් ප්‍රවේශයක් ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ දැනට ඇති කිසිදු මැදිහත්වීමකින් වර්ධනය වන වසංගතයේ නැගීම නැවැත්විය නොහැකි බවටද අනතුරු අඟවමිනි.

Read More

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (03දා) කරනලද චෝදනාව අසත්‍ය කරුණක් බව පවසමින්, තම අභිමතයට කිසිදු ගෙවීමක් නොකළ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

ජනපති ව්ලැදිමීර් පූටින් විසින් අත්සන් කරන ලද ආර්ථික සම්බාධක නියෝගයට අනුව එකී පුද්ගලයන්ට සහ ආයතනවලට නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය අපනයනය කිරීම රුසියාව විසින් තහනම් කර තිබේ.

Read More

බලය බෙදාහැරීමට ඉන්දියාව සහාය ලබාදෙන බවත්, 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වේවි යන විශ්වාසය ඉන්දියාවට ඇති බවත් ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ. අන්නාමලෙයි මහතා පැවසීය.

Read More

පේරු රාජ්‍යයේ ජාතික ප්‍රවාහන වැඩවර්ජනයක් සහ කළමනාකරණයේ උල්ලංඝනයන් යැයි සැක කෙරෙන අවස්ථාවක රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරට කොංග්‍රසය ඉදිරියේ මෙසේ පිළිතුරු දීමට සිදුවනු ඇත.

Read More

මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ උදවියට බෙදා දුන් බවට දූෂන විරෝධී හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බව හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

Read More

මෙම ව්‍යාජ පූජකයා අධි ආරක්ෂිත යැයි කියනු ලබන කඳවුර වෙත ඇතුළු වූයේ කෙසේදැයි එක්සත් රාජධානියේ හමුදාව දැන් විමර්ශනය කරයි.

Read More

හබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් හප්පාවන හරුමල්ගොඩ ප්‍රදේශය පොදු නාන ළිදක දිය නාමින් සිටියදි ළිදේ කොන්ක්‍රිට් බක්කිය කඩාගෙන වැටිමෙන් අද (03දා) පස්වරුවේ දි එක් සිසුවකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකු තුවාල ලබා ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

Read More

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජය යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් මැතිවරණයට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

Read More

නුගේගොඩ සති පොල ආසන්නයේ ගරාජයක අලුත්වැඩියාවක් සඳහා ගාල්කර තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමින් යුත් මෝටර් රථයක් සොරාගත් පුද්ගලයෙකු අද (03දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

මින් ඉදිරියට රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනිම වෙනුවෙන් ඉල්ලිම් නොකරන බවත් නිදහස වෙනුවෙන් සටන් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

මහනුවර පොල්ගොල්ලවේල්ල අසල මහවැලි ගඟේ දිය නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු ජලයේ ගසාගෙන යමින් සිටියදී පොලිස් නිලධාරි‍යෙකු මැදිහත්ව එම සිසුන් දෙදෙනා බේරා ගෙන ඇති බව කටුගස්තොට පොලීසිය පවසයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළ කොටුව ජනපති මන්දිරය අසළට ගොස් විරෝධතාවක නිරත විය. උන්වහන්සේලා මහ බැංකුව අසළින් ජනපති ලේකම් කාර්යාලයට පිවිසිමට ඇති ගේට්ටුව විවෘත කරමින් ඉදිරියට ගමන් කළහ.

Read More

වතුකරයේ ඉස්ලාම් භක්තිකයන් අද (03දා) යෙදී ඇති රාමසාන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.

Read More

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් CB 2865 රථය හිටපු අමාත්‍යවරු දෙදෙනෙකු විසින් අයතා පරිහරණය කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හෙළිකිරීමක් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.