saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 5709 hours ago

LATEST

මහ බැංකුව IMF යන්න සූදානම් නෑ

calendar_today 2022 මාර් 09 - 11:44 remove_red_eye - 523  

මහ බැංකුව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට සූදානමක් නොමැති බවට මහ බැංකු අධිපති හා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී පෙනුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

විදුලි සෝපානය භාවිත කිරීම අඩු කිරීම,අනවශ්‍ය විදුලි පහන් නිවාදැමීම, පස්වරු 2.30-4.30 දක්වා වායු සමීකරණය යන්ත්‍ර අක්‍රීය කිරීමට උනන්දු කිරීම, නිල රථ හිමි අමාත්‍යවරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට මාසිකව හිමිවන ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවීම, රැස්වීම් හා සාකච්ඡා සඳහා නිලධාරීන් කොළඹට ගෙන්වීම වෙනුවට සූම් හා ටීම්ස් වැනි වීඩියෝ තාක්ෂණය හරහා ක්‍රියාත්මක කිරීම ආදී යෝජනා මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති දෙවැනි නඩුවට පෙනී සිටීම වෙනුවෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

Read More

මෑතකදී සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සමගාමීව ඒ ඒ අමාත්‍යාංශවල විශය පථය හා කාර්යයන් සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔහු පැවැසුවේ ’’අපි වනාන්තරවල, වගාබිම්වල, වෙරළේ, වීදිවල සටන් කරන්නෙමු’’ යනුවෙනි.

Read More

රටේ පොල්තෙල් හිගයක් මවාපාමින් සිංහල දමිල අලුත් අවුරුද්ද සඳහා මිල විකෘතියක් කිරීමට බහුජාතික සමාගම් කිහිපයක් සූදානමින් පොල් තෙල් තොග සඟවා තබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කොට ඇතැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදක සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා අද (08දා) පැවසීය.

Read More

ඇමෙරිකාවට මේ රට විකුණන්න හදනවා කියන චෝදනා සම්බන්ධයෙන් එතුමා විශාල වශයෙන් සංවේදී වුණා. මොකද එහෙනම් යුද්ධෙ කාලෙදී තමයි ඇමෙරිකාවත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරනවානම් එතුමට කුමන්ත්‍රණ කරන්න තිබුණේ.

Read More

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා පත්කර තිබේ.

Read More

ඇමෙරිකාවේ වයිකින්ග් 2 වෙතින් බලාපොරොත්තු වූවාට වඩා සංකීර්ණ භූ විද්‍යාත්මක පරිණාමයක් චීනයේ ෂුරොන්ග් යෝජනා කරන බව එක්සත් රාජධානියේ ලෙයිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ ජෝන් බ්‍රිජර්ස් පවසයි.

Read More

මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී අදහස් දැක්වූ රටවල් 45න් 31ක් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙමින් අදහස් පළ කළ බව විදේශ කටයතු අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සති දෙකකට අඩු කාලයක් තුළ රුසියානු-යුක්රේන ගැටුම පුපුරා යාමෙන් මිලියන 2කට වැඩි පිරිසක් යුක්රේනයෙන් පළා ගොස් ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

Read More

යුක්රේන අර්බුදයේ සෘණාත්මක බලපෑම අවම කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව පැවසූ චීන නායකයා, අදාළ සම්බාධක ගෝලීය මූල්‍ය, බලශක්තිය, ප්‍රවාහනය සහ සැපයුම් දාමවල ස්ථාවරත්වයට බලපාන බවත්, දැනටමත් වසංගතයෙන් විනාශ වී ඇති ගෝලීය ආර්ථිකය අඩාල කරන බවත් අවධාරණය කළේ මෙය කිසිවෙකුත් අපේක්ෂා කරන්නනක් නොවන බව පවසමිනි.

Read More

විදුලිය අත්‍යාවශ්‍යය ස්ථානයන් වෙත කප්පාදුවකින් තොරව විදුලි සැපයුමක් ලබාදීම අනිවාර්යයෙන් කළයුතු බවත්, ඒ වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මකවන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කොට, අද සිට විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළයුතු බවත්, විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙයි.

Read More

බූස්ටරයට පෙර එන්නත් අසමානතාව වැළැක්වීම හෙවත් මූලික එන්නත් ලබාගැනීමට නොහැකි වූ අයට එන්නත් කිරීම සිදුකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සිටි මතය වෙනස් කරමින්, බූස්ටර් මාත්‍රාව ඉක්මනින් ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

Read More

රටේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් හිඟයකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුසියානු RT පුවත් නාලිකාව ඇතුළු රුසියානු මාධ්‍ය ආයතන රැසක විකාශනයන් අන්තර්ජාලය තුළ මෙන්ම, බටහිර සමාජ මාධ්‍ය තුළි විකාශය අවහිර කිරීම හමුවේ විකල්ප වෙත යොමුවීමට ඔවුන් කටයුතු කර ඇත.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) පළමු වාර්තාව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Read More

ඉන්ධන හිඟය හා විදුලිය කප්පාදුව නිසා මේ මස 22වැනිදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වන බවට සමාජ මාධ්‍යයන්හි පළ වන වාර්තා සාවද්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මාස 6කට ආසන්න කාලයක් ඩොලරයක අගයක රුපියල් 200ක අගය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුව විනිමය වෙළඳපොළට ඩොලර් බිලියන 1.5ක් පමණ යොමුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 4.30ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.30 තෙක් වලංගු වෙයි.

Read More

තමා යුක්රේනයේ අගනුවර වන කියෙව්හි රැදී සිටින බවත් කාටවත් බයක් නොමැති බවත් යුක්රේන ජනපති සෙලේන්ස්කි පවසයි.

Read More

රුපියල පා කිරීමට ගත් තීරණයත් සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් රුපියල් 229.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වසර දෙකකට පසුව චීනයෙන් ඉහළම දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉරිදා දිනයේදී වාර්තා වී තිබේ. ඉරිදා දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 526කි. චින්ඩාවෝ , ෂැංහායි ඇතුළුන ජනාකීර්ණ අගනගර ඇතුළුව පළාත් හා මහ නගර සභා සීමා 14 ක පමණ මෙම රෝගීන් වාර්තා වී තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ජයන්ත සමරවීර මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරයි.

Read More

“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා හමුවිය.

Read More

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය, ආර්ථිකය ප්‍රතිව්‍යුහ ගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රතිපත්ති සඳහා සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව දේශීය ආර්තික ප්‍රතිපත්තීන් පිළිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා කරන සමස්ත ආර්ථික කළමනාකරණය සිදු කිරීම මගින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමට මෙම ආර්තික සභාව ස්ථාපිත කර තිබේ.

Read More

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත තමන් කැඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121:1 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) නැමැති පනත්කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.