ත්රීරෝද රථ සඳහා ඉදිරියේදී ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ත්රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග අග්රාමාත්ය කාර්යාලයේ දී අද (3) පස්වරුවේ පැවති සාකච්ඡාවක දී අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.
රට මුහුණ දෙන අර්බුදය හමුවේ ත්රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්රියා මාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව අග්රාමාත්ය කාර්යාලය පවසයි.