ආහාර හිඟයක් ඇතිවීමට තිබෙන තර්ජනය නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් සමග ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවේ රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ(FAO) මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ(UNDP) නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් මහත්මිය සමඟ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවකදීය.
කෘෂිකර්මාන්තයට පොහොර,ඉන්ධන ඇතුළු මුලික අවශ්‍යතා වල හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින අහාර හිඟය මාස කිහිපයක් ඇතුළත පාලනය කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
