ආණ්ඩුව ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටිනවා
සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනයට පයින් ගසා ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටින බව විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා සඳහන් කළේය.
රට ගැන කැක්කුමක් ඇත්නම් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට කැපවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
අපේ රටේ විද්වතුන්, ආගමික නායකයන්, නීතිඥ සංගමය, තරුණ ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනා ඉල්ලපු යෝජනා තමයි සමගි ජන බලවේගය 21 වන සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
popular news
-
Deepal Nirosh Saturday, 04 June 2022 03:31 AM
මේ පාර්ලිමේන්තු සංයුතිය හෝ මේ අර්බුද අවස්ථාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට හෝ ප්රතිශෝධනයකට හෝ කොහෙත්ම සුදුසු නැහැ. දැන් ක්ෂණිකව පියවර ගත යුත්තේ රටේ ආර්ථිකය යම්කිසි ස්ථාවර අදියරකට ගෙන ඒමයි. ඒ මිසක් ආර්ථිකය ජය ගැනීම හෝ සංවර්ධනයට හෝ මේ අවස්ථාවක් නොවෙයි. ඔබතුමාලට අත්‍යාවශය නම් පමණක් පහත සරල සංශෝධන පියවර තුනෙන් එකක් ගත හැකියි. 1. 20 වන ව්‍යවස්ථා සංශෝධනය විශේෂ බහුතරයකින් අහෝසි කිරීම 2. 20 හා 19 වන ව්‍යවස්ථා සංශෝධන දෙක විශේෂ බහුතරයකින් අහෝසි කිරීම 3. 20, 19 හා 18 යන ව්‍යවස්ථා සංශෝධන තුනම විශේෂ බහුතරයකින් අහෝසි කිරීම
Reply : 0 0
Kumar Sunday, 05 June 2022 02:31 PM
atheethaye eka asak nopenena seviyek sitiya ohu thaman akamathi deyak desa baluwe potta asenlu. lakawe inna wadidena balanney ema kramayatayi. pasugiya sathi thunay lankawe siduwena ewanideya dakaganna labuna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

