saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5597 hours ago

LATEST

IOC පෙට්‍රල් මිල ඉහළට

calendar_today 2022 මාර් 25 - 22:25 remove_red_eye - 377  

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් සියලුම වර්ගවල පෙට්‍රල් මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර තිබේ.

විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවය බැංකුවලට පමණක් අදාළ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නවේදනය කරයි.

Read More

රජයට අයත් කටාර් එනර්ජි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාද ඔහු පවසන්නේ, ලෝක වෙළෙඳපොළට සපයනු ලබන සමස්ත ගෑස් පරිමාවෙන් 30% සිට 40% දක්වා රුසියාවෙන් සැපයෙන බවයි.

Read More
ඩොලරය 295ට යයි
25 03 2022 19:15:00
0 945

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල විිදේශ විනිමය අනුපාත අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 294.99ක් විය.

Read More

දේශසීමා ගැටුමක් සම්බන්ධයෙන් 2020 දී ආතතීන් වැඩි වීමෙන් පසු දෙරට අතර පැවති පළමු වැනි ඉහළ මට්ටමේ සාකච්ඡාව එයයි.

Read More

යානයේ එක් කළු පෙට්ටියක් පසුගියදා සොයාගත් අතර, දෙවැනි කළු පෙට්ටිය මෙන්ම, දිවි ගලවාගත් අය සිටීනම් ඔවුන් පිළිබඳ හෝඩුවාවක් සෙවීම තවදුරටත් සිදුවෙයි.

Read More

සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව දිවයිනේ ප්‍රථම කදුකර සංචාරක ඇවිදීමේ ප්‍රවේශ මාර්ගය ඉදිකරිම ඇතුලු ව්‍යපෘති රැසක් ආරම්භ කළ බව ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන විධායක නිළධාරී සම්පත් නිශ්ශංක මහතා පැවසීය.

Read More

පිලිපීනය එලැඹෙණ අප්‍රේල් 1 වැනිදා සිට සම්පූර්ණයෙන් එන්නත් කරන ලද සියලුම විදේශීය ජාතිකයින්ට රට තුළට ඇතුළු වීමට අවසර දෙන බව කියයි.

Read More

කාබනික පොහොර හා රසායනික පොහොර හුවමාරුවේදී ගොවි ජනතාවගේ අස්වැන්න සියයට 25 ක්,සියයට 30 ක් පොදුවේ අඩු නමුත් පොහොර ගෙන්වන්නට යන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වීම නිසා අස්වැන්න අඩු වීම හා ඩොලර් පාවිච්චිය අතර බැලූ විට ලොකු පාඩුවක් සිදු වී නැතැයි ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

Read More

තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා කියා සිටී. දෙමළ ජාතික සන්ධානය සමග අද (25දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Read More

පරිසර ඇගයුම් වාර්තාවක් සකස් කිරීම සඳහා කිසිදු ආයතනයක් තමන්ගෙන් ලක්ෂ 300ක මුදලක් නොඉල්ලු බව කිරි ගව පාලන සමාගම් නියෝජිතයෝ පවසති.

Read More

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් සහ ඡන්ද බලයෙන් 56% ක් හිමිවූ කාන්තාවන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් කාන්තාවන් ලෙස ජාලගත වීම වැදගත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

Read More

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව ඊයේ (24දා) ප.ව. 5.20ට කක්ෂ ගත කෙරිණි.

Read More

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පුත්තලම සිරම්භිඅඩිය සෙල්ලකන්දල් ප්‍රදේශයේ ඊයේ (24දා) සංවිධානය කර තිබු කාන්තා සැමරුම් උත්සවයක් අතර තුර දී දෙපිරිසක් අතර සිදුවු බහින් බස් විමකින් පසු කැති ප්‍රහාරයකින් බරපතල කැපුම් තුවාල වු අයකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

Read More

දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ මාළු අලෙවි කරන ස්ථානයකට ඊයේ (24දා) පස්වරුවේ අකුණු සැර වැදී එහි රැඳී සිටි කාන්තාවක් සහ පිරිමි අයකු අකුණු සැර වැදී දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

Read More

43 සේනාංක තරුණ අංශය සංවිධානය කරනු ලබන සංකේතාත්මක විරෝධතා පාගමන 2022 මාර්තු 25 වන සිකුරාදා උදෑසන 8.00 ට මොරටුව දිගරොල්ල පාලම අසලින් ආරම්භ කෙරිණි. මෙම පා ගමන කොළඹ කොටුවෙන් අවසන් වීමට නියමිතය.

Read More

පූර්ණ ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවටට පැමිණීමට නියමිතව තිබේ. එක්දින තරග 5ක්, විිස්සයිි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් තරගාවලියට ඇතුළත් වෙයි.

Read More

ලිට්‍රෝ සමාගමේ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් පාරිභෝගිකයන්ට රු 4500 කට අලෙවි කල හැටන් කොටගල ප්‍රදේශයේ සමාගමේ අලෙවි නියෝජිතයාගේ අලෙවි නියෝජිත ධුරය අද (25දා) දින තාවකාලිකව අත්හිටවු බව එම සමාගමේ මධ්‍යම,ඌව සහ සබරගමු පලාත භාර සමාන්‍යාධිකාරි සාරංග විජේසිංහ මහතා පැවසිය.

Read More

දකුණේ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු වන බැගියා නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු අද (25දා)ඇල්පිටිය මන්ඩකන්ද ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි.

Read More

කොළඹ, තොටළඟ කජීමාවත්තේ නිවාස පේළියක ඇතිවූ ගින්නකින් එහි තිබූ නිවාස 21ක් ගිනි බත් වී තිබේ.

Read More

යුක්රේන ගැටුම මධ්‍යයේ රුසියානු විරෝධී හැඟීම්, එකම මන්ත්‍රය මැතිරූ සහ එකම දෙයක් කළ බටහිර දේශපාලකයන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කුහක සුදු දත් සිනහව පිටුපස පසුගිය වසර 30 පුරා සැඟවී තිබූවක් ප්‍රබලව ඉස්මතු වූ අවස්ථාවක් පමණක් යැයිද හිටපු රුසියානු නායකයා අවධාරණය කළේය.

Read More

උතුරු කොරියාවේ සිදුකළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව මිසයිල දියත් කරමින් සිටින බව විදෙස් වර්තා පවසයි.

Read More

යතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකුට කඩවතදී සිදුකළ වඩි තැබීමකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

යුක්රේන යුද්ධයට වැඩිපුරම වගකිව යුත්තේ කවුරුන්ද යන්න හැමෝම දන්නා බව චීනය පවසයි.

Read More

2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා ‍සදහා වන එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත.

Read More

එක්සත් ජනපදය සහ එහි සගයන් විසින් මේ වනවිටත් රුසියාව සමග සබඳතා කපා හරින ලෙස ගෝලීය සමාගම්වලට බලපෑම් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රී වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටී. අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත් හිටවූ බව ඇමතිවරයා පවසයි.

Read More

එක්සත් ජනපදය යුක්රේන සොල්දාදුවන් මත පර්යේෂණාත්මක ඖෂධ අත්හදා බලමින් සිටින බවට රුසියාව අනාවරණයක් සිදුකරයි.

Read More

අතුරුගිරිය දෙස සිට පාදුක්ක දෙසට ගමන් කළ ටිපර් රථයක මග හරස් කොට එහි රියදුරුට පහරදුන් සැකකරුවන් සිවු දෙනෙකු ඔවුන් පහරදීමට පැමිණි යතුරු පැදි දෙකද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.