කල්පිටිය පොලිස් බල ප්රදෙශයට අයත් ඒත්තාල ඉන්ධන පිරවුම් හලේ පෝලීමේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් අද (22දා) පුද්ගලයින් සිව් දෙනෙකු, බරපතල කැපුම් තුවාල ලබා කල්පිටිය හා පුත්තලම රෝහල්වලට ඇතුලත් කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
තෙල් පෝලිම පැනීමේ සිද්ධියක් මුල් කොට ගෙන මෙම ගැටුම නිර්මාණය වී ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ,තලවිල කොළනිය පදිංචි හර්ෂ චතුරංග (අවුරු 32 ),තරිදු ප්රියශාන් (අවුරුදු 25)යන තරුණයන් හා ඒත්තාල පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකු වන චාමර සම්පත් නම් පෞද්ගලික බස් රියදුරෙකු සහ සුමිත් අසංක (අවුරුදු 28)එක්දරු පියෙකි.
හිසේ බරපතල කැපුම් තුවාල සහිත තුවාලකරුවන් දෙදෙනෙකු පුත්තලම රෝහලට යවා ඇති අතර තුවාලකරුවන් දෙදෙනෙකු කල්පිටිය රෝහලේ ප්රතිකාර ලබති.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
කල්පිටියකුමාරී කොට්ටහච්චි
