රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්ව කටයුතු කරනවාද සහයෝගයෙන් ඉදිරියට යනවාද යන්න පිළිබඳව විශේෂ තීන්දුවක් ගැනීමට නව වැනිදා රැස්වීමට නියමිත මහසභාව බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා(21) පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පෙර නායකත්වය හා පැවති මත ගැටුම් නිසා වෙන්ව ගිය වෛද්‍ය කණ්ඩායමක් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පිහිටුවනු ලැබු බව ඒ මහතා පැවසීය.
අභ්‍යන්තර නායකත්වය හා ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුකොට ගෙන වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් එම සංගමය අතහැර වෙනත් සංගම් වෙතද ඇතැමුන් ගිය බව ඒ මහතා පැවසීය.
මේ වන විට පෙර නායකත්වය නොමැති හෙයින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග නැවත එක්ව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා
