හෙරොයින් මත්කුඩු, අයිස් මත්ද්‍රව්‍ය මුදල් සහ රන් ආභරණ තොගයක් සමග දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකාරිය සමඟ හොරයින් මත්කුඩු ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 470 ක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 910 ක් ,විද්‍යුත් තරාදියක් ,රනින් නිමවන ලද අත් පළඳනා දෙකක්,රන්මාල හයක්,තැල්ලක්,මුදු තුනක්,කරාබු හතක්,වළලු 25ක, මාල තුනක්,ජංගම දුරකථන හයක් හා ටැබ් යන්ත්‍ර දෙකක් පොලිසිය භාරයට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම නිවාස සංකීර්ණයේ දොළොස්වන මහලේ නිවසකදී වැටලීම සිදුකර ඇත. වයස අවුරුදු 57 ක් වන සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ පොලීසිය වෙත භාර දී ඇත.
