අර්බුදය විසදීමට ඇති එකම මාර්ගය IMF පමණයි
ශ්‍රී ලංකාවේ අර්බුදය විසදීමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහකට ගිය පසු අනෙකුත් රටවල් සහාය දෙනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසිය.
ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය 2019 පැවැති තත්ත්වයට යා යුතු බවත් ඔහු පැවැසීය. ශ්‍රී ලංකා ආර්ථිකය තිරිංග දමා බේරා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වි ඇති බවත් රට පතුලටම වැටෙන බවත් ඔහු පැවැසීය.
තමන් අගමැතිධුරය භාර ගත්තේ ප්‍රශ්න ගැන කියා සිටින්නදැයි ඇතැමුන් ප්‍රශ්ණ කරන බවත් තවත් පරිසක් ප්‍රශ්න ගැන කිම හොඳ දෙයක් බවට ප්‍රකාශ කරන බවත් ඔහු පැවැසීය.
ගෑස් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් මේ වන විට ගෑස් ඇණවුම් කරමින් පවතින බවත් එය ඉදිරි දින කිහිපයේදී අවසන් වනු ඇති බවත් ඔහු පැවැසීය.
popular news
-
sg Wednesday, 22 June 2022 11:29 AM
It should not concern only the solution for the existing crisis. Sri Lanka as one of the members of IMF they have been committed to helping us, Meanwhile, the Sri Lankan government needs to maintain a mutual relationship with diplomacy with other their old and new friends, It should go through the formal official channel otherwise no need to entirely depend on IMF, because, That is another trap.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

