නගර 50ක් සංවර්ධනයට සැලසුම්
දිවයිනෙහි නාගරික ප්‍රදේශ 50 ක් සඳහා සංවර්ධන සැලසුම් සකස් කර අවසන් බවත් එම නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බවත් නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ ජාතික හා පළාත් මට්ටමින් ආර්ථික, සමාජයීය හා භෞතික සංවර්ධනය ඉලක්ක කරගනිමින් කඩිනම් සංවර්ධනයක් සිදු කිරීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇති ප්‍රධාන කාර්යයක් වේ. ඒ අනුව දැනටමත් නාගරික ප්‍රදේශ 26 ක් සදහා නගර සංවර්ධන සැලසුම් හදුන්වා දී තිබේ. මෙලෙස හදුන්වා දී ඇති නාගරික සංවර්ධන සැලසුම් පළාත් පාලන ආයතන 34 ක් ආවරණය වන පරිදි සකස් කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කර සිටී.
මේ යටතේ හක්මන, ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, අනුරාධපුර, මිහින්තලේ, පොළොන්නරුව, කුරුණෑගල, මහව, කල්පිටිය, නුවර, ඇල්ල, බදුල්ල, කතරගම, මන්නාරම, මොරටුව, මීගමුව, කැළණිය, බියගම, කළුතර, බේරුවල, නින්දවූර්, කන්තලේ, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා දෙහිවල, ගල්කිස්ස මෙලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති නගර සංවර්ධන සැලසුම් වේ.
වර්ෂ 2024 වන විට මෙරට නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති සියලු නගර සදහා සංවර්ධන සැලසුම් සකස් කර ප්‍රකාශයට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන අතර මෙරට නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති නගර සංඛ්‍යාව 136 කට අධික වේ.
රටතුළ මේ වන විට පවතින ආර්ථික තත්ත්වය යහපත් වු වහාම රජය විසින් ක්‍රියාත්මත කිරීමට සැලසුම් කර තිබු සියලු සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සදහන් කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙනු ලබන්නේ, ආණ්ඩුව මෙරට ආර්ථික අර්බුදය කළමණාකරණය සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.
ඒ අනුව ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත් වනු ඇති බවද රණතුංග මහතා විශ්වාසය පළ කර සිටී.
ගම්පහ තිලකරත්න දිසානායක සහ මීරිගම කාන්ති
popular news
-
Deepal Nirosh Thursday, 23 June 2022 02:23 AM
අනේ ඇමතිතුමා, රටේ විදේශ විනිමය දිය කරන සංවර්ධන සැළසුම් දැන්වත් ඇති, ඒව ටික කාලයකට නවතමු. යම් මට්ටමකට හරි ස්ථාවර ආර්ථිකයක් ගොඩනඟාගෙන මේ පීඩිත ජනතාව ජීවත් කරවමු. ඊට පස්සෙ තමුන්නාන්සේලාට අවශ්‍ය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

