ඉන්දීයාවේ තමිල්නාඩු ප්රාන්ත රජය විසින් මෙරටට ලබාදුන් මානුෂීය ආධාර බෙදීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් තලවකැලේ, ආගරපතන, ටොරින්ටන් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් අද (22දා) විරෝධතාවයක නිරත වුහ.
තම වතුයායේ වතු කම්කරු පවුල් 200 ක් සිටින බවත්, මානුෂීය ආධාර ලබාදීමේදී වතු කම්කරු පවුල් 110 කට පමණක් සහල් කිලෝ 10 බැගින් බෙදාදීමට කටයුතු කිරීමෙන් අනෙකතුත් වතු කම්කරු පවුල්වලට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි විරෝධතාවයේ නිරතව සිටි වතුකම්කරුවෝ පැවැසුහ.
වතු කම්කරු සෑම පවුලක්ම මේ වනවිට දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටින බවත්, එසේ හෙයින් මෙම ආධාර බෙදීමේදී වතු කම්කරු පවුල් වෙන් නොකොට සියලුම වතු කම්කරු පවුල්වලට ඒවා ලැබිය යුතු බවත් විරෝධතාකරුවෝ මෙහෙදී සඳහන් කළහ.
ශාන් හුලංනුගේ
