saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5905 hours ago

LATEST

සජිත් ජනපති සටනෙන් ඉවත් වෙයි

calendar_today 2022 ජුලි 19 - 10:00 remove_red_eye - 1247  

මේ වන විට හිස්ව ඇති ශ්‍රී ලංකාවේ ජනපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්විමට නියමිත ඡන්ද විමසීම සඳහා එක් නොවීමට සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ. ඒ අනුව සමගි ජන බලවේගය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

’’දේශගුණික අර්බුදය කිසිදු දේශසීමාවකින් නතර වන්නේ නැහැ. ඒ නිසා පිළිතුරු කිසිදු දේශසීමාවකින් නතර නොවිය යුතුයි’’ ඇය පැවසුවාය. ’’අපි අපගේ ඒකාබද්ධ උත්සාහයන් තීව්‍ර කළ යුතුයි.’’

Read More

චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සහල් තොගයේ තෙවැනි කාණ්ඩය ලෙස සහල් මෙට්‍රික් ටොන් 500ක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඒ අනුව මේ දක්වා කාණ්ඩ තුනක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 2500ක් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

Read More

සඳුදා පැවති කොන්සර්වේටිව් නීති සම්පාදකයින්ගේ තුන්වැනි ඡන්දයෙන් සුනක් ඡන්ද 115ක් ලබා ගත් අතර, හිටපු ආරක්ෂක අමාත්‍ය පෙනී මෝර්ඩොන්ට් ඡන්ද 82ක් සහ විදේශ ලේකම් ලිස් ට්‍රස් ඡන්ද 71ක් ලබාගෙන තිබුණි.

Read More

වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාම, ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අපේක්ෂකයන් ලෙස ඡන්ද විමසීමට එක්වන බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ.

Read More

එක්සත් ජනපදය පදනම් කරගත් තොරතුරු තාක්ෂණ දැවැන්තයා රුසියාවේ තහනම් කර ඇති තොරතුරු දෙවැනි වරටත් මකා දැමීමට අපොහොසත් වූ බව අධිකරණය සොයාගෙන තිබේ.

Read More

ජනපතිවරයෙක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයට එක්ව ඇති අපේක්ෂකයන් සම්බන්ධ කර ගනිමින් ස්වර්ණවාහිනිය හෙට (19දා) පවත්වන විවාදයකට මන් එක්වන බවත් ඒ සඳහා එක්වෙන ලෙස තමන් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටත් ආරාධනා කරන බව එම මැතිවරණයට එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසිමට තවත් පැය කිහිපයක් ඉතිරිව තිබියදී දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

හැටන් ලංගම බස් නැවතුම්පොලේ කොළඹ බස් රථ ගාල් කරන ස්ථානයේ අයිතිකරුවෙකු නොමැති ගමන් මල්ලක් අද (18) දින පස්වරුවේ හමු වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 62ක් දක්වා වර්ධනය වි තිබේ.

Read More

තුවාල වූ සෙබලුන් බැලීමට වැඩබලන ජනපතිවරයා පසුගියදා යුද හමුදා රෝහලට ගියත් ඔහු මීට කලින් එවැනි දෙයක් සිදුකර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් සඳහා තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි වාර්තා වේ.

Read More

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක තොගයක් රැගත් නෞකාවක් අද (18දා) රාත්‍රී කොළඹට ළගාවීමට නියමිත බව වාර්තා වේ.

Read More

’’ජන අරගලයේ පුරවැසියෝ’’ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා අරගලයේ නිරත වුවන් පිරිසක් අද (18දා) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අදාල ලියකියවිලි බාරදී තිබේ.

Read More

ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වී ඇති අයට හිමි ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුම්වත්වීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

Read More

ඉන්දියාවෙන් ගෙන්වා වී ගොවීන්ට බෙදා දෙන යූරියා පොහොර නිසි ප්‍රමාණය නොලැබීම නිසි බර ප්‍රමාණය නොතිබීම නිසා ගොවීන් මෙන්ම ගොවිජන සේවා නිලධාරීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් අද (18දා) වාර්තා විය.

Read More

මෙම තීරණාත්මක අවස්ථාවේ දී පක්‍ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ ඒවා ජය ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි දූෂණයෙන් තොර නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති.

Read More

ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන බ්‍රහස්පතින්දා (21දා) ආරම්භ කරන බවත් එතෙක් සිපෙට්කෝ පිරවුම්හල්වල පෝලිමේ සිටීමෙන් පළක් නොවන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති අද (18දා) පැවසීය.

Read More

ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් ත්‍රිරෝද රථ දෙවන කිලෝමීටරයට අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 90 දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read More

හික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටි රුසියානු ජාතිකයන් දෙදෙනකු දියවැළකට හසුවි ගසාගෙන යමින් සිටියදී පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා නාවික හමුදාවේ ජිවිතාරක්ෂක නිලධාරින් එක්ව බේරා ගෙන ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

Read More

ගාල්ල මකුළුව ගංගාරම දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

Read More

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා අද (18දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් ප්‍රතිකාර නතර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු නියමිත පරිදි අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් පවතින අපහසුතාවයන් මත ව්‍යාපෘතිය නතරවිය හැකි තත්ත්වයක් පවතින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලා වල පල කෙරෙන දැන්වීම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

හෝමාගම පිටිපන දහම් මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී මිතුරන් දෙදෙනෙකු අතර වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් , පුවක් ලීයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .

Read More

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වෙන්ටියන් විද්‍යාගාර මොඩියුලය රැගෙන යාම සඳහා වූ රොකට්ටුව දියත් කිරීමේ මධ්‍යස්ථානයට වෙත ගෙනැවිත් තිබේ.

Read More

ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවී ඇති බවත් ඒ අනුව බස් ගාස්තුවටද පහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

Read More

මේ වසරේ අප්‍රේල් මස 30 දා තෙක් වූ මාස 4ක කාලය තුළදී ශ්‍රි ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදි ඇති රට ලෙස චීනය අබිබවමින් ඉන්දියාව පත්ව තිබේ.

Read More

ඉන්දීය මැතිවරණ කොමිසම පවසන පරිදි ඡන්ද ගණන් කිරීම ජූලි 21 වැනිදා ආරම්භ වන අතර නව ජනාධිපතිවරයා ජූලි 25 වැනිදා දිවුරුම් දීමට නියමිතය.

Read More

අද (18දා) සිට රටටම බලපාන පරිදි හදිසි නීතිය පැනවීමට වැඩබලන ජනපති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. මහජන ආරක්ෂක පනත හරහා පැවැරී ඇති බලතල අනුව වැඩබලන ජනපතිවරයා මෙසේ හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.