චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සහල් තොගයේ තෙවැනි කාණ්ඩය ලෙස සහල් මෙට්‍රික් ටොන් 500ක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඒ අනුව මේ දක්වා කාණ්ඩ තුනක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 2500ක් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
චීනය විිසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 10000ක් පරිත්‍යාග කිරීමට නියමිතය. මෙය මේ වන විට අර්බුදයට පත්ව සිටින ශ්‍රි ංකාව වෙත චිනය ලබාදෙන යුවාන් මිලියන 500ක ආධාර තොගයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට ගෙන එයි.
චීනයෙන් ලබාදෙන සහල් දිවයිර පුරා පාසල්වල දිවා ආහාරය අවශ්‍යතාව වෙනුවෙන් යොමු කිරීමට මේ වන විටත් සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය ජීවනෝපාය ආධාර සැපයීම සඳහා බීජිං සහ කොළඹ යන දෙකම සමඟ සමීපව කටයුතු කරන බවද ශ්‍රි ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි..