ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වී ඇති අයට හිමි ඉන්ධන කෝටා ශේෂය පිළිබඳව දැනුම්වත්වීම සඳහා ක්රමවේදයක් හඳුන්වා දී ඇත.
එහිදී FUEL BAL ඔබේ රථයේ අංකය (උදා ABC 1234) ලෙස ටයිප් කර 0766 220 000 යන දුරකථන අංකය වෙත SMS පණිවුඩයක් යොමුකිරීමෙන් එම ශේෂය දැනගැනීමට හැකියාව තිබේ.
ජාතික ඉන්ධන අවසරපත ලබා ගැනීම සඳහා www.fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස අදාළ ලියාපදිංචිය සිදුකළ හැක.