පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් සඳහා තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවට මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට කළ පැමිණිල්ලකට අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම පහසුකම සලසා දී ඇත.
තවද නව ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාට උපදෙස්දී තිබේ.