තුවාල වූ සෙබලුන් බැලීමට වැඩබලන ජනපතිවරයා පසුගියදා යුද හමුදා රෝහලට ගියත් ඔහු මීට කලින් එවැනි දෙයක් සිදුකර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
එසේම මේ වන විට සිර දඩුවම් විදින රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට වැඩබලන අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත්තේ ඇතැම් දේශපාලන කණ්ඩායම්හි අවධානය දිනා ගැනිමට බවත් ඇය සඳහන් කළාය.
එසේම ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී ජනපතිවරයෙක් තෝරා ගැනිම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිධුරයට පත්වුවහොත් එය රට ලේ විලක් බවට පත්විය හැකි සාධකයක් වෙනු ඇතැයිද ඇය පැවැසුවාය.