හෙට දිනයේදි පාර්ලිමේන්තුවේදී ජනපතිවරයෙක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්විමට නියමිත ඡන්ද විමසිම සඳහා එක්වන අපේක්ෂකයන්ගෙන් නාම යෝජනා කැඳවිම වෙනුවෙන් අද දිනයේදි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉල්ලා අස්විමත් සමග වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව පත්ව තිබේ.
ඒ අනුව හිස්ව ඇති ජනපතිධුරය වෙනුවෙන් ජනපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් අද දිනයේදී පාර්ලිමේනතු මන්ත්‍රීවරුන්ගෙන් නාම යෝජන කැඳවයි.
වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාම, ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අපේක්ෂකයන් ලෙස ඡන්ද විමසීමට එක්වන බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ.