saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5389 hours ago

LATEST

ඇඳිරි නීතිය හෙට උදෑසන 07 තෙක් ක්‍රියාත්මකයි

calendar_today 2022 මැයි 09 - 21:05 remove_red_eye - 544  

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්රීර 7.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබේ. බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රවදානය කරන ලද ලිඛිත අවසර පත්රනයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්යා්නයක, පොදූ ක්රී ඩා භූමිය

අග්‍රාමාත්‍ය කාර්යාලය වන කොළඹ පිහිටි අරලිය ගහ මන්දිරය වටලා විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටියි. ඔවුන් පළවා හැරීම වෙනුවෙන් පොලීසිය තෙවැනි අවස්ථාවටත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

සාමකාමීව විරෝධතා දක්වන ලෙසත් පොදු හෝ පෞද්ගලික දේපළ විනාශ නොකරන ලෙසත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

තංගල්ල කාර්ල්ටන් නිවෙස ඉදිරිපිටදී මේ වන විට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවැත්වේ. ආණ්ඩුවට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකෙරේ.

Read More

අද රාත්‍රී 7 සිට සෑම රාත්‍රියක්ම තමන් අරගල භූමියේ ගත කරන බව පාර්ලමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

අද පෙරවරුවේ ගෝල්ෆේස් පිටියේ පැවිත ගෝඨාගෝගමට පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිටි අතර ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරන්නේ් One down and one to GO යනුවෙනි. එසේම මෙය ජනතා බලය යැයි ඔහු පවසයි.

Read More
01 Down - Sanga
9 05 2022 18:07:00

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වීම ගාලුමුවදොරදී ප්‍රකාශ කිරීමේ වීඩියෝවක් සිය ට්විටර් ගිණුම හරහා හුවමාරු කරන සංගක්කා ඒ වෙනුවෙන් සටහනක් තබා තිබේ. ඒ 1 down #poeplepower ලෙස සඳහන් කරමිනි.

Read More

කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට සහභාගි වී ආපසු යමින් සිටි දඹුල්ල නගරාධිපති වරයාගේ නිල රිය බව කියන වෑන් රථයකට මීරිගම අධිවේගී පිවිසුම අසල දී ප්‍රහාරයක් එල්ල වී ඇත.

Read More

රට පාලනය කරන්න හරියාකාර කණ්ඩායමකට අවස්ථාව දෙන්න. විශේෂයෙන්ම තරුණ අයට අවස්ථාව දෙන්න. රට විනාශ කරන්න දෙන්න බෑ. අපි ඔක්කොම එක රටක එක දරුවෝ. සහෝදරයන් පිරිසක් ලෙස ඉස්සරහට යන්. අපි මේ රට ගොඩනගමු

Read More

දිවයින තුල උද්ගතව ඇති හදිසි තත්ත්වය හේතුවන් මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්තමක වන පරිදි සියළුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.

Read More

රටම ගිනි ගොඩක් බවට පත්ව ඇති අවස්ථාවක පොලීසියේ නිලධාරීන් මේ වන විට සිය කටයුතු නොකරන තත්ත්වයක් දක්නට තිබේ. මාර්ගවල රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ අඩුවක් දක්නට තිබේ.බොහෝ මාර්ගවල වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.

Read More

කොළඹ ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ මයිනා ගෝ ගම දී ඇතිවූ ගැටුමේදී තුවාල ලද පුද්ගලයන්ගේ 85 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් වී ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය කොළඹ ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ මයිනා ගෝ ගම දී ඇතිවූ ගැටුමේදී තුවාල ලද පුද්ගලයන්ගේ 85 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් වී ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලයද අහෝසි වෙනු ඇත. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි ආධාරකරුවන් පිරිසක් කළ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මේ වන විට සමස්ත රටම එකම ගිනි ගොඩක් බවට පත්ව තිබේ.

Read More

දේශපාලනිකව උසිගැන්වූ පිරිස් කළ ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවත් ප්‍රචණ්ඩත්වයෙන් වර්තමාන ගැටලු නොවිසදෙන බවත් සන්සුන්ව කටයුතු කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදුන් මැරයන්ගෙන් කිහිප දෙනෙක් අරගලකරුවන් සිය ග්‍රහණයට ගෙන තිබේ. එම මැරයන් කොළඹ බේරේ වැවට දමා ඔවුන්ගේ ලොක්කට පැමිණ ඔවුන්ව බේරා ගන්නා ලෙස සඳහන් කරමින් සිටියි. බේරේ වැව යනු කොළඹ පවතින අපවිත්‍ර ජලය ඇති ස්ථානයකි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සිය ධුරයෙන් ඉවත් වන තෙක් සමස්ත රටම වැඩ වර්ජනයක් යෑමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගිලක අංශය එක්ව මේ මොහොතේ පටන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

Read More

රටේ මේ වන විට පවතින නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සඳහන් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

Read More

ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතාවට පහරදෙමින් ප්‍රචණ්ඩත්වයක් ඇති කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් යැයි කියාගන්නා මැරයන් බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා යොමුකළ ට්විටර් පණිවිඩයට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

Read More

වහාම ක්‍රියාත්මකවන පරිදි සමස්ත දිවයිනටම ඇදිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ. නැවත දැනුම් දෙන තුරු මෙසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

Read More

පොලීසිය සිටින්නේ දූෂිත දේශපාලකයන් ආරක්ෂා කිරීමට නොව මහජනතාව ආරක්ෂා කිරීමට බව මතක තබා ගත යුතු බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.

Read More

රට තුළ පවතින අර්බුදය නිශ්චිතව වි‍සඳාගත හැක්කේ, පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බව, ම.එ.පෙ. නායක, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මහජන එක්සත් පෙරමුණේ මතය එය බව කියා සිටි ඔහු, ඒ අතරතුර මහජනතාවගේ ආර්ථික ප්‍රශ්න වි‍සඳීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළේය.

Read More

’’ලංකාවේ හි චිත්තවේගයන් ඉහළ මට්ටමක පවතිනවා. සංයමයෙන් කටයුතු කරන ලෙසත් ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පමණක් ඇති කරන බව මතක තබා ගන්නා ලෙසත් මම අපගේ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අප සිටින ආර්ථික අර්බුදය විසඳීමට ආර්ථික විසඳුමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් මෙම පරිපාලනය කැපවී සිටිනවා.’’

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ගෝල්ෆේස්හි ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට යුද හමුදාව කැඳවා තිබේ. අරගලකරුවන් චෝදනා කරන්නේ තමන්ට පහරදෙන තෙක් පොලීසිය කිසිවක් නොකළ බවයි.

Read More

මැරයන් පිරිසක් විසින් ගෝඨාගෝගමට පහරදීමට කටයුතු කිරීමත් සමග ගෝඨාගෝගම අරගලකරුවන්ගේ සහාය විශාල පිරිසක් මේ වන විට ගෝඨාගෝගමට පැමිණෙමින් තිබේ. මැරයන් පිරිස ක්‍රමයෙන් පසුබසිමින් සිටියි.

Read More

ගෝඨාගෝගමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි මැරයන් සිදුකළ පහරදීමකින් පුද්ගලයන් 17ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොළඹ උතුර, කොළඹ මධ්‍යම කොළඹ දකුණ යන පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ගෝඨාගෝගමට පහර දෙන අවස්ථාවේදි එම ස්ථානයට පැමිණි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාට කිසියම් පිරිසක් පහරදී එළවා දැමීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (09දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.