පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් අංක එකට CPC
වසරේ මුල් මාස 4 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 628ක පාඩුවක් ලබා ඇති අතර ඒ් අනුව මේ වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය අංශය සතු ව්‍යාපාර වලින් වැඩිම පාඩුවක් ලැබූ ආයතනය බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව තිබේ.
ඒසේම ඒම පාඩුව මෙම වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ආයතන සියල්ලම ලැබූ අලාභය වන රුපියල් බිලියන 860ක අගයෙන් සියයට 73ක අගයක් ගනී.
ඛනිජ තෙල් සංස්ථාව මේ ආකාරයට අලාභ ලැබීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ විනිමය අනුපාත හරහා ලැබූ අලාභයයි. ඒම අගය රුපියල් බිලියන 550ක් පමණ වෙයි.
ඒසේම සමස්ත රජයේ ව්‍යාපාර 52 මේ වසරේ මුල් මාස හතර තුළ ලැබූ රුපියල් බිලියන 860ක අලාභය 2021 වසරේ සියලුම රාජ්‍ය ආයතන ලැබූ සමස්ත පාඩුව ඉක්මවා යාමක්ද වෙයි.
ඛනිජ තෙල් සංස්ථාවෙන් අනතුරුව ශ්‍රි ලන්කන් ගුවන් සේවය රුපියල් බිලිය 248, ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 47 ක් ලෙස වැඩිම අලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් අතරින් දෙවන හා තෙවන ස්ථානවල පසුවෙයි.

popular news
-
Kumar Tuesday, 16 August 2022 03:19 PM
rajaya saama witama paaduwa piyawanne mil wadikireemen. Indhana mila saama deyatama balapaanawa. lankawe piripahaduwak athikalay indhana mila adukarnna nedha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

