නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීම හේතුවෙන් හෙට (16දා) සිට විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි ජනන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදු වන නිසා මේ වන විට එහි ධාරිතාවද අහිමිවීමෙන් විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
පැය තුනක විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ද හිමිව තිබේ.