saravita-anim2

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 5427 hours ago

LATEST

කිරි ඉබ්බන් මරා අලෙවි කළ 02ක් දැලේ

calendar_today 2022 සැප් 08 - 12:34 remove_red_eye - 187  

දර්ගා නගරයේ නිවසක මස් පිණිස කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නියුතු සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද කිලෝ 7.02ක්වූ ඉබිබන් හත්දෙනෙකු, මස් කිරීමට උපයෝගී කරගත් විවිධ පිහි 4ක් සමඟ ඊයේ (7දා) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු අඹුසැමි යුවලක් සන්තකයේ තබාගන සිටි අයිස් ග්‍රෑම් 65 ක් සමග දෙහිවල ඕබන් පෙදෙසදී ඉකුත් 6 වන දින ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

බත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය පාර, නො 474/1/1 යන ලිපිනයේ SS Global Tec යන නමින් පවත්වාගෙන ගිය එම රැකියා නියෝජිතායතනය වැටලීමේදී එම ආයතනය පවත්වාගෙන ගිය රජයේ ආයතනයක හිටපු සභාපතිවරයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 890 දෙනෙකු පපසුගියදා (06දා) පස්වරුවේ එම විදුහල් සරඹ භූමියේ දී විසිරයන ලදී.

Read More

මන්ත්‍රිවරු 37ක් රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ. මෙම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට රාජපක්ෂවරු නියෝජනය කරමින් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා එක්ව තිබේ. මීට අමතරම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ චාමර සම්පත් දසනායක, සුරේන් රාඝවන්, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දී තිබේ. එසේම සමගි ජන බලවේගයේ අරවින්ද කුමාර් මහතාද රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.

Read More

මහා බ්‍රිතාන්‍ය, ස්විටසර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, නොර්වේ, ස්වීඩනය, කැනඩාව, බෙල්ජියම යන රටවල් මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට කටයුතු කළේය.

Read More

රටේ ධනය අපතේ නොයවා, ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමේ සිට සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ බව, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

Read More

මෙම ජයග්‍රහණයත් සමගින් පාකිස්තානය ශ්‍රී ලංකාව සමගින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සාජා පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන පරාජයෙන් කුපිත වූ ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

Read More

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලදි ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ඉල්ලීමට එම සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ එකඟතාව හිමිව තිබේ.

Read More

විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ තෙල් මිල පහත වැටීම ඩොලරය ශක්තිමත් කිරීම සහ එක්සත් ජනපද අවපාතයක් පිළිබඳ බිය මෙන්ම චීනයේ පවතින කොවිඩ්-19 සීමාවන් ඇතුළු විවිධ සාධක හේතු වී ඇති බවයි.

Read More

ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කැනඩාවේ සති අන්ත පිහි ඇනුම් සිද්ධියේ දෙවැනි සැකකරු ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් මියගිය බව එරට පොලීසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

Read More

කුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ (Tial At Bar) කටයුතු ලබන 09 වෙනිදා ආරම්භ කෙරේ.

Read More

චීනය මූලික සෞඛ්‍ය ආවරණයට අදාළ නීති සම්මත කර ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට මඟ පෙන්වීම සඳහා ’’නිරෝගී චීනය 2030’’ සැලැස්ම සකස් කර ඇති බව කියයි.

Read More

ගල් අඟුරු මිලදි ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Read More

බ්‍රසීලය සිය 200 වැනි නිදහස් දිනය සමරනු ලැබුවේ නගරයේ සුප්‍රසිද්ධ කොපකබානා වෙරළ තීරයේ හමුදා රැලියක්ද සමගිනි.

Read More

පුනරීන් වලේපාඩු ප්‍රදේශයේදී ධීවරයන් පිරිසකට පහරදීම පිළිබද විමර්ෂණයක් කර එහි වාර්තාව තමන් වෙත ලබා දෙන ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නාවික හමුදා නිලධාරින්ට උපදෙස් ලබා දෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

රුසියාවේ ව්ලැඩිවොස්ටොක් හි පැවති 2022 නැගෙනහිර ආර්ථික සංසදයේ (EEF) පූර්ණ සැසියේ දේශනයක් සිදුකරමින් පූටින් මෙම අදහස් පළ කර ඇත.

Read More

දේශීය ටින්මාළු නිෂ්පාදකයන් රැක ගැනීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් කැබිනට් මණ්ඩලය වෙත යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් බදාදා බ්‍රිතාන්‍යයේ නව අගමැති ලිස් ට්‍රස් සමග දුරකථනයෙන් සංවාසදයක නිරත වී තිබේ.

Read More

වත්මන් ආර්ථික අර්බුදයේ ස්වරූපය පිළිබඳ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට රජයේ මුදල් පිළිබද කාරකසභාවේ මූලිකත්වයෙන් වැඩසටහන් මාලාවක් සකස් කළ යුතු බව එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් විසින් යෝජනා කරන ලදී.

Read More

තාක්ෂණයත් සමග ඉදිරියට යෑමේ දී සිදු කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉංග්‍රීසි භාෂා නිපුණතාව, අත්‍යවශ්‍ය බවත් ඒ එම ප්‍රතිසංස්කරණ මගින් ලබන වසරේ සිට ම පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

Read More

සුන්බුන් අතර කාන්තාවන් හය දෙනෙකු, ළමයින් තිදෙනෙකු සහ එක වැඩිහිටි පිරිමියෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව වාර්තාව පවසයි.

Read More

කඳුකර කොටි හා වෙනත් සතුන් මදුවලට හසු වු අවස්ථාවල දී මුදාගැනීම සඳහා විශේෂ දැලක් අත්හදා බැලූ බවත් එම කටයුතු සාර්ථක බවත් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යුක්රේනයේ ගැටුම තීරණාත්මක අවධියකට ඇතුල් වනවිට, එහි නරකම අවස්ථාව වළක්වා ගැනීම සඳහා බටහිරට ’මිලක් ගෙවිය යුතු’ බව ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මස 05 වන දින උපත ලද අකීරු , ඩූමා සහ ලියෝ යන බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වූ කාගෙත් ජනාදරයට පත්ව සිටි ’’කෙල්ල’’ නම් ව්‍යාඝ්‍ර දේනුව දරුණු පිළිකා රෝගයකින් පෙරේදා (05දා) මියගොස් ඇතැයි සත්වෝද්‍යානය ප්‍රකාශයකු පැවසීය.

Read More

වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව වසරකට ඇ.ඩො බිලියන 06ක ඉන්ධන ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.

Read More

දෛනිකව පොලියට මුදල් ලබාදීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා වසර නමයකට පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මහනුවර ප්‍රධාන පෙළේ වාහන කුලියට දෙන ආයතනයකින් රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා වාහනයක් කුලියට ගත් පුද්ගලයෙකු එම වාහනයත් සමග අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිලි කොට තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.