වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව වසරකට ඇ.ඩො බිලියන 06ක ඉන්ධන ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස පසුගියදා සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා එරට බලධාරීන් සමඟ සාකච්ඡාවලදී මෙම එකඟතාවය පළකර තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.