ගල් අඟුරු මිලදි ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනිමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට පවසන තොරතුරු සම්බන්ධයෙන් මෙසේ විමර්ශනයක් කරන ලෙස ඔහු ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය විනිවිද භාවයෙන් කළ බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. මේ සඳහා සාර්ථක මිල ක්‍රමයක් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.