කඳුකර කොටි හා වෙනත් සතුන් මදුවලට හසු වු අවස්ථාවල දී මුදාගැනීම සඳහා විශේෂ දැලක් අත්හදා බැලූ බවත් එම කටයුතු සාර්ථක බවත් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍ය කදුකරයේ කොටි හා වෙනත් සතුන් අල්ලා ගැනීමට යොදන ප්‍රධාන උපක්‍රමය මදු ගැසීම බවට පත්වී ඇති අතර මේ නිසා අපේ රටේ වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින කොටි මද්දට හසුවීම නිසා මරණයට පත් වූ අවස්ථා රැසක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා වි ඇත.
2020 දී මධ්‍යම කලාපයේ කොටි 09ක්, 2021 වර්ෂයේ කොටි 08ක් හා 2022 වර්ෂයේ කොටි 04 දෙනෙක් ද වශයෙන් මදුවලට හසුවීම නිසා මරණයට පත්විය. එමෙන්ම 2020 දී මදුවලට හසුවී සිටි කොටි 06ක්, 2021 දී කොටි 03 දෙනෙක් හා 2022 දී කොටි 02ක් ද මුදාගැනීමට වනජීවි නිලධාරින්ට හැකිවිය.
සමර්හිල් කොටියා මුදා ගැනීමේදී වූ ගැටළුවෙන් පසු සතුන් ගලවා ගැනීමේ දී විධිමත් පියවර අනුගමනය කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ .
ඒ අනුව මධ්‍යම පළාතට අයත් මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල තේවතු ආශ්‍රිතව වාර්තා වන කඳුකර කොටි සංරක්ෂණයට සුදුසු වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට එම දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇතැයි ද ඒ අනුව මෙම විශේෂ දැළ අත් හදා බලන බවද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් මද්දට හසුවන සතුන්ට හානියක් නොවන පරිදි ඔවුන් දරා සිටීම සදහා මෙම Cargo Net වැනි දැළ උපකාරී වන බව වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.