නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලදි ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ඉල්ලීමට එම සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ එකඟතාව හිමිව තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තමන් කථානායකවරයා හා විගනකාධිපති සමග සාකච්ඡා කළ බවත් මේ පිලිබඳව ඉක්මන් වහාම පරීක්ෂණයක් කරන බවත් ඔහු පැවැසීය.
එසේම අද දිනයේදී තමන් විගනකාධිපති හා විදුලි බල හා බලශක්ති අමාතයාංශයේ ලේකම්වරයා හමුවී අදාළ ක්‍රියාවලිය පිළිබඳව වහාම විගණනයක් කරන ලෙස උපදෙස් දෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.