දේශීය ටින්මාළු නිෂ්පාදකයන් රැක ගැනීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් කැබිනට් මණ්ඩලය වෙත යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මෙහිදී දේශීය ටින්මාළු නිෂ්පාදකයන් අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේ ආනයනික ටින් මාළු අඩු මිලට වෙළෙඳපල තුළ අලෙවි වීම හේතුවෙන් දේශීය ටින්මාළු නිෂ්පාදනකරුවන් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇති බවත්, එය ධීවර ප්‍රජාව ඇතුළු බොහෝ පිරිසකට අහිතකර ලෙස බලපාන බැවින් ආනයනික ටින් මාළු ගෙන්වීම සීමා කරන ලෙසයි.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට එකවර සම්පූර්ණයෙන්ම ආනයන නවත්වා දැමීම පහසු කටයුත්තක් නොවන බවත්, ශ්‍රී ලංකාව සහල් වලින් ස්වයංපෝෂිත රාජ්‍යයක් වුවත් අදටත් සෑම වසර තුන හතරකට වරක්වත් සහල් විදේශයන්ගෙන් ආනයනය කරන අතර, එම නිසා සෑම විටම දේශීය නිෂ්පාදන සහ ආනයනයන් අතර සමතුලිත භාවයක් පවත්වා ගැනීමට සිදු වන බවත්ය. යම් කර්මාන්තයක් වෙළෙඳපළ තුළ රදා පැවැත්ම තීරණය වන්නේ දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම හරහා නිෂ්පාදනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම හරහා බව සදහන් කළ අමාත්‍යවරයා, එවන් දියුණු අපනයන වෙළෙඳපොළ කරා යොමු වන කර්මාන්ත වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යාංශය හරහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත්,කුකුළු මස් අපනයනය කරන්නන් වෙනුවෙන් සහන ලබා දුන්නේ එ් අනුව බවත් සඳහන් කරන ලදී.
මෙහිදී අමුද්‍රව්‍ය හිඟතාවය හේතුවෙන් ටින් මාළු ඇසුරැම්කරණය සදහා අවශ්‍ය වන ඇසුරුම් හිඟතාවය පිළිබද ගැටළුව කෙරෙහිද අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර ඒ පිලිබදව සොයා බැලීමට වෙළෙඳ අමාත්‍යාංශ නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.