මහනුවර ප්රධාන පෙළේ වාහන කුලියට දෙන ආයතනයකින් රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා වාහනයක් කුලියට ගත් පුද්ගලයෙකු එම වාහනයත් සමග අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිලි කොට තිබේ .
පොලිසියට ලැබී ඇති පැමිණිල්ලට අනුවමහනුවර නගරයේ භාණ්ඩ බෙදා හරින ආයතනයක සේවය කොට ඇති මෙම පුද්ගලයා ඉකුත් 29 වැනි දිනඅදාල වාහන කුලියට දෙන ආයතනයට පැමිණවාහනයක් ලබාගෙන ඇත්තේ නැවත එය මස 01 වැනි දිනබාරදෙන බවට ගිවිසුම්ගත වෙමිනි .
එහෙත් අදාළ දිනට එම වාහනය ආපසු භාර නොදීම හේතුවෙන් වාහන කුලියට දෙන ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිලි කොට තිබේ .
ඒ අනුව සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කටුගස්තොට ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන වන අදාළ පුද්ගලයා ඔහුට අයත් ඇඳුම් පැළඳුම් ඇතුළු වටිනා ලියකියවිලි ද රැගෙනඑම නිවසින් ද අතුරුදහන් වී ඇති බවයි .
ඔහු සේවය කළ භාණ්ඩ බෙදාහරින ආයතනය මගින් ඔහුටලබා දුන් රුපියල් 450,000ක් වටිනා භාණ්ඩ තොගයක් කුලියට ගත් වාහනයෙන් දෙහියත්තකන්ඩිය ප්රදේශයට රැගෙන ගොස් එය අදාළ අදාළ ආයතනයට බාර දී එම මුදල් ද ලබා ගැනීමෙන් අනතුරුවඅගෝස්තු මස 31 වැනිදා ඔහුගේ ජංගම දුරකථන ද අක්රිය කොට ඔහුඅතුරුදහන් වී ඇති බවට වැඩිදුරටත් සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
තම සැමියාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් කටුගස්තොට පොලීසියට පැමිණිලි කොට ඇති අතර රුපියල් 450,000ක මුදල් නැවත තම ආයතනයට නොලැබීම සම්බන්ධයෙන් ඔහු සේවය කළ භාණ්ඩ බෙදාහරින ආයතනයේ කළමනාකාරීත්වය විසින් මහනුවර පොලිසියට ද පැමිණිලි කොට තිබේ .
ෂේන් සෙනෙවිරත්න