saravita-anim2

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 5431 hours ago

LATEST

ක්‍රිකට් මෙන් තරුණ කණ්ඩායමකට දේශපාලනයත් දෙන්න

calendar_today 2022 සැප් 07 - 14:06 remove_red_eye - 526  

ක්‍රිකට් කණ්ඩායම තරුණ පිරිසකට ලබා දුන් ආකාරයෙන් මෙරට දේශපාලනය තරුණ කණ්ඩායමකට ලබා දීමට කටයුතු කරන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පැවසීය.

පාසල් දරුවන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම සඳහා පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

මහාචාර්ය චන්දන ජයරත්න මහතා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඒ මහතා හෙට (08දා) එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

Read More

මෙතෙක් පමාවී තිබූ, රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම ස‍ඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ඇමෙරිකාව සහාය දක්වන බව ඇමෙරිකාව ප්‍රකාශ කරයි. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් ජැනට් යෙලෙන් මහත්මිය සඳහන් කර ඇත්තේ පැරිස් සමාජයේ මූලධර්මවලට අනුව මෙම සහාය ලබාදෙන බවද ඇය සඳහන් කරයි.

Read More

වැල්ලම්පිටිය කොලොන්නාව ජි. ජි . මාවතේ නිවසක් වටලා රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

මුලතිව් අලම්පිල් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඊයේ (6දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

වී අලෙවි මණ්ඩලයට අයත් දඹුල්ල කණ්ඩලම ප්‍රධාන වී ගබඩාවේ ගබඩා කර තිබූ වී මිට දින ගණනාවක්ට ඉහත දී අවස්ථා කිහිපයක වී මිටි දෙසීයකට අධික ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇතැයි වී අලවි මණ්ඩලය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

Read More

බුලත්සිංහල පොලිස් වසම තුළ සොරකම් රැසක් සිදුකර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපළ සොරා ගත් ’’ මෝල්කාව චමියා’’ නමැත්තා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානානයක්කාර මහතා පැවැසීය.

Read More

වගා හානි සිදුකළ අයාලේ යන සතුන් බැඳ තබන අවස්ථාවලදී ආහාරපාන වෙනුවෙන් සතුන්ගේ අයිතිකරු ගොවීන්ට දිනකට ගෙවිය යුතු මුදල රුපියල් 25 සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රුපියල් මිලියන 170 ක (දළ වශයෙන් ඇ. ඩො. 463,215 ක්) වටිනාකමින් යුත් මියන්මාර සුදු සහල් මෙට්‍රික් ටොන් 1000 ක්, මියන්මාර රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත 2022 සැප්තැම්බර් 2 වැනි දින පරිත්‍යාග කරන ලදි.

Read More

ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේය.

Read More

දකුණේ පාතාලයක් කිව්වට ඇත්තටම සිද්ධ වෙන්නේ අපරාධ කරන කණ්ඩායමක් එහෙම නැත්නම් කිහිප දෙනෙක් යම් යම් ප්‍රදේශවල සිදුකරන අපරාධ. ඒකට හේතුව ඒගොල්ලො අතර මීට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච මනුෂ්‍ය ඝාතන. ඒ වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධව තිබෙන ප්‍රශ්න කීපයක්.

Read More

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබුණද මන්ත්‍රීවරුන් විවාදයක් අවශ්‍ය බව පෙන්වා දීම හේතුවෙන් ඊට අදාළ විවාදය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය විය.

Read More

උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් රජයේ පිළිගත් උපාධියක් මෙරට දී හැදෑරීමේ අවස්ථා සලසමින් අධ්‍යාපන අමාත්‍යාංශය 2022.08.31 දින ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශය ප්‍රකාර ව මෙම වසරේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා සඳහා තේරී පත් වූ සිසුන් 6847ක් සඳහා අධ්‍යයන කාලය හා සහන කාලය වන වසර 4 හෝ 5ක කාලයට අදාළ සම්පූර්ණ පොලී මුදල මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට අනුමැතිය පළ වී තිබේ.

Read More

ඉදිරියේ දී මෙරට අධ්‍යාපන රටාව තුළ අත්‍යවශ්‍ය සාධනීය පියවරක් තබමින් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසි දු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකිරීමට තමන් අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

වැලිගම නගර ශාලාවේ පැවති විවාහ මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ඇතුළු වී ආහාර කෑමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනෙකු එහි සේවකයින් විසින් අල්ලා දණගස්වා පොලීසිය වෙත භාර දීමේ සිද්ධියක් වාර්තා වේ.

Read More

මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව “යුනිසෙෆ්” සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි. මේ සදහා ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read More

සාගතයෙන් බේරීමට අවශ්‍ය ගොවිබිම් වගාකිරීමමට තෙල් නැවක් අවශ්‍ය බවත් ගොවීන්ට තෙල් ලැබෙනවා ද? නැද්ද? යන කරුණ මත රටේ මන්දපෝෂණයේ ප්‍රමාණය තීරණය වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය.

Read More

ජපානයට අන්වර්ථ නාමයක් ඇති නමුත්, භූගෝලීය හේතූන් මත එය රුසියාවට වඩාත් ගැලපෙන බව රුසියානු නායකයා විහිළුවක් කළේය.

Read More

මේකට වෙනම රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා ඔබතුමා කලබල වෙන්න එපා කිව්වා. මමත් බැලුවා මගේ විශයට අදාළ නෑ. අවසානයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය එක දවසකවත් රැස්වෙලත් නෑ. පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය වචනක් කතා කරලත් නෑ. රාජ්‍ය අමාත්‍යවරු කථා කරලත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මට මේ වෙනුවෙන් පෙනී සිටින්න සිදු වුණා. කිසිම අසූචි නැවක් ගැන මම වග කියන්නේ නෑ. මොකද මට ඒක අදාළ නැ.

Read More

කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ක්‍රියාත්මක වන අයුරු අධීක්ෂණය සහ ඒ සම්බන්ධ ගැටලු සදහා මැදිහත්වීමට පාර්ලිමේන්තු පනතකින් “ජාතික කාන්තා කොමිෂන් සභාව” නමින් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව ඇත.

Read More

ජර්මානුවන්ට උද්ධමනය සහ බලශක්ති මිල ගණන් පාලනය කිරීමට උපකාර කිරීම සඳහා චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ රජය ඩොලර් බිලියන ගණනක ආධාරක පැකේජයක්ද නිවේදනය කළේය.

Read More

පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන බදු මුදල් යොදවා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවස්ථාව එම ආයතනවලටම ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා තිබේ.

Read More

හොරණ, ගෝනපොල ආදී ප්‍රදේශවල පාසල් සිසුන්ට සහ අමතර පංති සිසුන්ට ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි අලෙවිකල ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.

Read More

කියෙව් හමුදා කඳවුරට සිය දහස් ගණනක් නිල ඇඳුම් සහ අනෙකුත් උපකරණ කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

Read More

වැලි ගොඩදැමීමේ රැකියාව කරන මුවාවෙන් හොරයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයන් සිවුදෙනකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් සමග මහ ඉංගිරිය නාච්චිමලේ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය කියයි.

Read More

මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ 2022 අතුරු අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.