අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු අඹුසැමි යුවලක් සන්තකයේ තබාගන සිටි අයිස් ග්‍රෑම් 65 ක් සමග දෙහිවල ඕබන් පෙදෙසදී ඉකුත් 6 වන දින ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
මෙම සැකකාර සැමියා වයස අවුරුදු (37) ක් හා බිරිද වයස අවුරුදු (27) ක්ද වන අතර මීට පෙරත් මත්ද්‍රව්‍ය ජාවාරමි වලට බන්ධනාගාර ගතව සිට ඇති අතර , තොග වශයෙන් ලබාගන්නා අයිස් නිවසේ සිට පැකට්කර දෙහිවල , ගල්කිස්ස, රත්මලාන., මොරටුව ,බොරලැස්ගමුව යන ප්‍රදේශවලට අලෙවිකර ඇති බවත් හෙලිවී ඇත .
කොටිඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය උප පොලිස් පරීක්ෂක චානක මහතා වෙත ලද තොරතුරකට අනුව සිදුකල වටලීමේදී සැමියා ලග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60 ක්ද , බිරිද ලග තබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක්ද පොලිස් භාරයට ගනු ලැබ ඇත .
දෙහිවල එච් එම් ධර්මපාල