saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5195 hours ago

LATEST

ලංකාවට තවත් ඩොලර් මිලියන 20ක් දෙන බව ඇමෙරිකානු ජනපති කියයි

calendar_today 2022 ජුනි 28 - 16:42 remove_red_eye - 570  

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ලබාදෙන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය. අද පැවති ජී 7 සමුළුවේදී ඇමෙරිකානු ජනපතිවරයා මේ පව නිවේදනය කළේය.

ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතළ ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

නීතිවිරෝධී අයුරින් ඩීසල් ලීටර් 3000 ක් වව්නියාව නෙළුම්කුලම් පොලිස් වසමේ පට්ටානිචූර් ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සඟවා තිබියදී වෙළඳසැල් හිමියා සමග අත්අඩංගුවට ගත්බව වව්නියාව පොලිස් විශේෂ කාර්යංශය පවසයි.

Read More

බස්ගාස්තුව සියයට 30කින් වැඩි කිරිමටත් අවම ගාස්තුව රුපියල් 40ක් කිරීමටත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇති බව වාර්තා වෙයි.

Read More

හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා ගමන් ගනිමින් සිටි බව කියන වාහනයකට දැඩි ජනතා විරෝධයක් පළකරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතී.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා තවත් දෙදෙනෙක් ජනපති මන්දිරයට පිවිසීම වැළැක්වීම වෙනුවෙන් පොලීසිය ජනපති මන්දිරයට පිවිසෙන මාර්ගය වසා දැමීමට කටයුතු කරමින් සිටියි. මේ අනුව ජනපති මන්දිරය අසළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර අහෝසි කළ මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීමට මහ බැංකුව සැලම් කර තිබේ. ඒ අනුව ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී’ සහ ‘ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’යන සමාගම් මෙසේ ඈවර කිරීමට නියමිතය.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගම සතු ඉන්ධනහල් 116ක් වෙත ඔවුන්ගේ ත්‍රිකුණාමලය පිහිටි පර්යන්තයෙන් ඩිසල් හා පෙට්‍රල් අද දිනයේදි නිකුත් කරන බව එම සමාගම සඳහන් කරයි.

Read More

සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 1,220 ඊයේ (27) ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

ඉන්ධන ලබාදීම අත්‍යාවශ්‍ය කණ්ඩායම් වලට පමණක් සීමා කර ඇති මොහොතක විදේශීය රටවල් වල සිට මෙරට සංචාරයට පැමිණ සිටි සංචාරක කණ්ඩායම්වලට වලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (28දා) උදේ උදෑසන දඹුල්ල අයිඕසී පිරවුම්හලක් ඉදිරිපිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

Read More

මාරවිල තුම්මෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් ඊයේ (27දා) සවස වටලා එහි ගබඩා කර තිබු ඩීසල් ලිටර් 900 ක් සොයා ගත් බව මාරවිල පොලීසිය කියයි.

Read More

ඛනිජ තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල්හි ස්ථාපිත තෙල් ​සමාගම් සමග දිගුකාලීනව ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයට එම සමාගම්වල අරමුදල් උපයොගී කරගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම්වලට අවසර දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය මගින් ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 57ක අරමුදල් ප්‍රමාණයක් ලබාගැනීමට ඇමෙරිකාව සමග ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ඒ වගේ බජට් එකක් මම වෙනුවෙන් වෙන්කරගෙන තමයි මම මේ පුටුවේ ඉද ගත්තේ. මම ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මාසෙකට මිලියන 50ක් මිනිස්සු වෙනුවෙන් මගේ පුද්ගලික සල්ලි දානවා. ඒ ඔක්කොටම ලෑස්ති වෙලා තමයි මම මේ පුටුවේ ඉගෙන ගත්තේ.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාපෘතිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, ටෙක්නෝපාක් ඩිවලප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන අදාළ අමාත්‍යංශයට අයත් වේ.

Read More

22වන ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමටත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඊයේ (27දා) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

Read More

දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

යුරෝ කලාපයේ උද්ධමනය 8%ක් ඉක්මවන අතර එක්සත් රාජධානියේ එය වසර 40ක ඉහළම අගය වන 9.1%ක් දක්වා ළඟා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසදුම් සොයා ඇමතිවරු කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් 06/27 රාත්‍රී සහ 06/28 දින අලුයම විදේශ ගත වී තිබේ.

Read More

කලිනින්ග්‍රෑඩ් අවහිර කිරීමක් කළොත්, ලිතුවේනියාවට “දැඩි” පළිගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රුසියානු ජනාධිපති අවධාරණය කරයි.

Read More

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කරයි. එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

Read More

මධ්‍යම යුක්රේනයේ ක්‍රෙමෙන්චුක් හි වෙළෙඳ සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16දෙනෙකු මිය ගොස් තවත් 59දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ හදිසි සේවා ප්‍රධානියා පවසයි.

Read More

තේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයා සහ රුසියානු තානාපති යූරි මැටේරි මහතා අතර සාකච්ඡාවට ලක් කෙරිණ.

Read More

මෙම වසරේ G20 හි සභාපතිත්වය ඉන්දුනීසියාව විසින් දරන අතර, රුසියාව රැස්වීමෙන් බැහැර කරන ලෙස එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් බලපෑම් කර තිබේ.

Read More

ඛනිිජ තෙල් නීතිගත සංස්ථාව සතු සීමිත ඉන්ධන තොග ප්‍ර වේශමෙන් භාවිත කිරීම වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

චීන විදේශ අමාත්‍ය වැන්ග්, මිත්‍ර අසල්වැසියෙකු සහ අවංක මිතුරෙකු ලෙස චීනය විසින් දුෂ්කර අවස්ථාවක ඇෆ්ගනිස්ථාන ජනතාව සමග රැඳෙමින් කටයුතු කරන කරන බව පැවසීය.

Read More

ඩොලර් ආදායම් උපයන සමාගම්වල විදුලි බිල්පත් ඩොලර් වලින් ලබාගැනීමට අවධානය යොමුව ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

ලංගම ඩිපෝ මගින් බස්රථවලට ඉන්ධන නිකුත් කිරීමේදී ලංගම බස්රථ අමතක කර පෞද්ගලික බස්රථවලට හා ජවාරම්කරුවන්ට අධික ලෙස ඩීසල් ලබාදීම නිසා සමහර අවස්ථාවල ලංගම බස්රථවලට ඩීසල් නොමැති වන බව ශ්‍රී ලංගම පොදු සේවක සමිතිය සඳහන් කරයි.

Read More
කංචන රට යයි
27 06 2022 18:45:00
0 693

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදෙස් ගත වී තිබේ. මැදපෙරදික කටාර් රාජ්‍ය ‌බලා ඔහු පිටත්ව ගොස් ඇත.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රටවල් තුනකින් ඉන්ධන ලබා ගත හැකි බවට පවසා ඇති බවත් හැකිනම් එම රටවල් තුනෙන් එක නැව බැගින් ඉන්ධන නැව් තුනක් ශ්‍රී ලංකාවට ගෙන්වන ලෙස අභියෝග කරන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.