ඛණිජතෙල් පනතට ඉදිරිපත් කර තිබෙන සංශෝධන තුළ ස්වාධීන නියාමන ආයතන පිළිබඳ පැහැදිලි සඳහනක් නොමැති බවත් නියාමන අධිකාරිය ලෙස ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂම සඳහන් කරන්නේ නම් පමණක් ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවාධන පනතට සමගි ජනබලවේගය පක්ෂව ඡන්දය ප්රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (18දා) පැවති ඛණිජතෙල් නිෂ්පාදන(විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“ඛණිජතෙල් සංස්ථාව අවුරැදු ගණනාවක් කෝටි ගණනාවක් පාඩු වුණා. නාස්තිය හොරකම ඇතිවෙලා තිබුණා. මේකේ ප්රතිව්යුහගත කිරීමේ ප්රශ්නයක් නෑ. ප්රතිව්යූහගත කිරීමේ ප්රතිඵලය වෙන්න ඕනී රටේ පුරවැසියන් ලක්ෂ 220ට නියමිත සාධාරණයක් ඉෂ්ඨ වෙන පරිදි මේකේ ප්රතිව්යූහගත කිරීමක් වෙන්න ඕනී. ඒ නිසා ප්රතිව්යුහගත කිරීම අපි පිළිගන්නා අතර මේ ප්රතිව්යූහගත කිරීමේ ක්රමවේදය විනිවිදභාවයෙන් යුත් ක්රමවේදයක් විය යුතුයි. ඒ වගේම ප්රතිව්යුහගත කිරීමේ ඍජු නිර්නායක තිබිය යුතුයි.
මේ පනත ඉදිරිපත් කරලා මේ සංශෝධනය ගෙනාවම බලශක්ති සුරක්ෂිත භාවය තහවුරැ වෙනවාද, රුකවරණය තහවුරැ වෙනවාද කියලා අපි සලකා බැලිය යුතුයි. ඒ වගේම වත්මන් සේවක සේවිකාවන්ට අසාධාරණයක් නොවන ආකාරයට මේ ප්රතිව්යුහගත කිරීම සිදු වෙන්න ඕනී. ඒ හරහා ලක්ෂ 220ක් වූ මේ රටේ පුරවැසියන් ඍජු වාසිය යන්නත් ඕනී. අපි හිතනවා ස්වාධීන නියාමන ආයතනයක් තිබිය යුතුයි. මේ ස්වාධීන නියාමන ආයතන පිළිබඳ පැහැදිලි තැනකට ඇවිත් නෑ මේ පනත් සංශෝධනය හරහා.”