ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 08 වන බදාදා
කොළඹ, රාගම හා පේරාදෙණිය රෝහල්වලදි පැය 24 ක් තුළ සාර්ථක අක්මා සැත්කම් 3 ක් කිරිමට හැකි වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
මෙම අක්මා බද්ධ සිදු කිරිම සඳහා පුහුණු දක්ෂ විශේෂඥ වෛද්‍යවරු පිරිසක්, නිර්වින්ධන වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, රසායානාගාර කාර්මික ශිල්පින් ඇතුලු විශාල පිරිසක් දායක විය යුතු බවත් අක්මා බද්ධයකදි ශල්‍යකර්ම කිහිපයක් සිදුකිරිම ඊට හේතුව බවද වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසිය.
පේරාදෙණිය රෝහලේදී මාස 6 ක් තුළදි සාර්ථ අක්මා බද්ධ 5 ක් පමණ සිදුකර ඇති බවත් ඒ සදහා අක්මා ශල්‍යකර්ම කිරිමේදි විශේෂ උපකරණ අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම උපකරණ හා දක්ෂ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්ද පේරාදෙණිය රෝහල සතුව ඇති බවද වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසිය.
මෙම අක්මා බද්ධ සැත්කම් විදේශ රටකදි සිදුකලහොත් රුපියල් මිලියන 30 ක් හෝ 40 ක් වැය වන බවත් මෙරටදි මෙම සැත්කම් සිදුකලත් රජයට විශාල මුදලක් වැය කිරිමට සිදුවන බවද අර්ජුන තිලකරත්න මහතා පැවැසිය.
popular news
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හදුන්කුරක් නිසා මුළු ගමක්ම පිරමීඩ ජාවාරමකට හසුවෙයි
මධ්‍යම අධිවේගයට චීන එක්සිම් බැංකුවෙන් ගන්න ණය මුදල්වල පොලිය වැඩි කරලා
මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි
බිරිඳගේ හත් දවසේ බණ දිනයේ සැමියාත් මිය යයි
උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd