වාද්දුව මොල්ලිගොඩ ප්රදේශයේ සංචාරක හෝටලයක පිහිනුම් තටාකය තුල කොරියානු ජාතිකයෙක් මියගොස් සිටි බව වාද්දූව පොලීසිය පවසයි.
එම විදෙස් ජාතිකයා ඊයේ (17) සවස එම හෝටලයට පැමිණ තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකි.
අද (18) උදෑසන 8.30ට පමණ එම හෝටලයේ සේවකයෙකු පිහිනුම් තටාකයේ මුනින් අතට වැටී සිටි විදෙස් ජාතිකයා දැක කළමනාකාරීත්වයට දැනුම් දීමෙන් පසු ඔවුන් වාද්දූව පොලීසිය දැනුවත් කර අනතුරුව එම නිලධාරීන් හෝටලයට පැමිණ පරීක්ෂණ ආරම්භ කරතිබෙන බව කියයි .
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
