තෙල් වෙළඳපොල පිටරටට විවෘත කිරීමෙන් ඩොලර් අර්බුදය උත්සන්න වෙනවා
ඛණිජ තෙල් සංශෝධන පනතින් පිටරට සමාගම් කිහිපයකට මෙරට තෙල් වෙළඳපොළට ඇතුල් වීමට ඉඩ දීම හරහා සිදුවන්නේ මෙරට තිබෙන ඩොලර් අර්බුදය අඩු වීම වෙනුවට තවදුරටත් ඩොලර් අර්බුදය උත්සන්න වීම බව ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඊයේ(18දා) පැවති ඛණිජතෙල් නිෂ්පාදන(විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
මෙතන රජයේ ආයතනයක් කාර්යක්ෂමව නිසි පරිදි පවත්වාගෙන යන්න බැරි වීමේ ඉතිහාස කතාවක් තිබෙනවා. එන එන ඇමතිලා හිතේ හැටියට පුරවපු කතාවක් තියෙනවා. වෘත්තීය සමිති වල අඩුපාඩුත් තියෙනවා. ආපු ඇමතිලාගේ අඩුපාඩුත් තිබෙනවා. කාගේ කාගේත් අඩුපාඩු වලට වන්දි ගෙවන්න පාරිභෝගිකයාට සිදුවෙලත් තියෙනවා. ඒ නිසා පාරිභෝගිකයාත් විශම මනසෙන් කාටහරි දීලා අපිට තෙල්ටික දීපන් කියලා කියනවා. ඒකේ වාසිය අරගෙන මේ කරන්න යන්නේ ඩොලර් එකට තිබෙන පීඩනය වැඩිවෙන උත්තරයක්. මේ වෙලාවේ කරන්න ඕනී ඩොලර් එකට තිබෙන පීඩනය වැඩි කරන්න ඕනී උත්තර නෙවෙයි. තරඟකාරීත්වය හදන්න දේශීය තරගකරැවන් ගෙන්වන්න. තමුන්නාන්සේලා මේ වෙලාව පාවිච්චි කරනවා නම් තව පිටරට සමාගම් කිහිපයකට තෙල් වෙළඳපොළට ඇතුල් වෙන්න ඉඩ දීලා , මහජනයාට කියන්න ඔන්න අපි තෙල් අර්බුදය විසඳුවා කියලා, ඒක කිසි ලෙසකින් උත්තරයක් වෙන්නේ නෑ. අපිට තිබෙන ඩොලර් පිළිබඳ අර්බුදය උත්සන්න කරන පිළිතුරකුයි එතනින් ලැබෙන්නේ.
popular news
-
Muditha Wednesday, 19 October 2022 12:52 AM
Yes Yes get his his advise. He is international trading expert. As per him we have to allow local companies . Hi Hi . He thinks Crude Oil coming from here lands.
Reply : 0 0
Harsh Wednesday, 19 October 2022 01:10 AM
Avurudu haththe pahak , ape ape kiyala hithala minissu duk vindinawa. ape nam ayojanaya karala adayamak labagamu. Hamadema narakama dakina deshapaluwan ratata vinayak aluthin hithamu. ekva hithamu. e kara api yamu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

