ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය හා එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සහකාර ලේකම්වරයා ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී ආර්ථික ස්ථාවරත්වය, කලාපීය ආරක්ෂාව, මානව හිමිකම්, සහ ප්‍රතිචාරාත්මක, විනිවිදභාවයෙන් සහ සියල්ලන් ඇතුළත් පාලනයක් ප්‍රවර්ධනය කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.