saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4981 hours ago

LATEST

ත්‍රිරෝද රථවලට දෙන ඉන්ධන කෝටාවේ වෙනසක්

calendar_today 2022 අගෝ 08 - 20:10 remove_red_eye - 2466  

පුර්ණ කාලීනව ත්‍රිරෝදරථ රියදුරන් ලෙස රැකියාවේ නිරත ත්‍රිරෝද රථහිමියන් සදහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය පිළිබද ඉදිරියේ දි යම්කිසි සංශෝධනයක් කිරිමට පියවර ගන්නා බව ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කරයි.

ඉරිදා රාත්‍රියේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය සටන් විරාමයකට එකඟ වූ බව වෙන වෙනම ප්‍රකාශ කළ අතර, මේ දක්වා සටන් විරාමය පවත්වා ඇති බව වාර්තා වේ.

Read More

කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන ලදී.

Read More

හමුදා භටයින් 22දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත්, සොල්දාදුවන් 9දෙනෙකු අතුරුදන් වී ඇත. එරට හමුදාව ප්‍රකාශ කළේ සිදුව ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

Read More

කොටහේන බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට අද (8දා) මහ දවාලේ අත්මාංචු යුගලක් රැගෙන ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙක් නිවෙස් හිමියන් බිය ගන්වා රුපියල් කෝටි දෙකකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි කොටහේන පොලීසිය කියයි.

Read More

කොල්ලුපිටියේ පිහිටි ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පසුගිය මස 9 දා අයුතු ලෙස ඇතුල් වූ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලිට්‍රෝ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද (8) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 246 කින් අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. මේ අනුව ලිට්‍රෝ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4664 ක් දක්වා පහළ වැටෙනු ඇත.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයට (කිව්.ආර්) අනුව පසුගිය සතිය තුල දිවයිනේ ඉන්ධන පිරවුම්හල් 1,246 කදී වාහන ලක්‍ෂ 43 කට ඉන්ධන ලබාදී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

පිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි නම වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය කැස්බෑව ආසන සංවිධායක වරයා අද (8දා) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප හයක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ මහතා නියෝග කළේය.

Read More

පුත්තලම මූලික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගීන්ගේ රසායනාගාර පරික්ෂණ රැසක් රෝහල ඉදිරිපිට ඇති ප්‍රසිද්ධ පුද්ගලික රෝහලකට යැවිමේන් රෝගීන්ට අනවශ්‍ය මුදලක් දැරිමට සිදුව ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද (8දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මංකි පොක්ස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දේශීය ලොකු ලූනු වගාවේ අස්වැන්න නෙලීමට මසක් තියෙද්දි වගාව දිලීර රෝගයකින් විනාශ වී යාමේ දැඩි තර්ජනයකට ලක්ව ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු පවසති.

Read More

යාපනය ඔට්ටුමඩම් ප්‍රදේශයේ පිහිටි ලාග්ෆ් ගෑස් සිලින්ඩර් බෙදාහැරීමේ මධ්‍යස්ථානයකින් හොර රහසේ ගෑස් සිලිණ්ඩර 5 ක් රැගන ගිය පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (07දා) සවස අත්අඩංගුවට ගත් බව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

ලබන මාස් කන්නයේ දී වගාවට අවශ්‍ය බඩ ඉරිඟු බීජ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පොලොන්නරුව කන්දකාඩු ගොවිපළේ අක්කර 100ක බීජ බඩඉරිඟු මේ වනවිට වගා කර තිබේ.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය වෙනුවෙන් යළිත් ලියාපදිංචිවීමට අවස්ථාව ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

Read More

පසුගිය මැයි 28 දා කොළඹ පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයකදී අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවක් යටතේ ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

Read More

ගාල්ල ජුල්ගහ ප්‍රදේශයේ පිහිටි හෝටලයක කෑම වර්ග ඉහළ පහළ රැගෙන යන විදුලි සෝපානයක් අලුත්වැඩියාකරමින් සිටි විදුලි කාර්මිකයෙකු එම සෝපානය කඩාවැටී හෝටලයේ සිව්වන මහළින් ඇදවැටිමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළපසු ඊයේ (07දා) මියගොස් තිබේ.

Read More

හම්බන්තොට වරායට එළැඹෙන 11වැනි දා පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත දැනුම්දී ඇති බවත්, එසේ දැනුම් දී ඇත්තේ එම සන්නිවේදන නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබාගැනීම පිණිස හම්බන්තොට වරායට පැමිණීම පිණිස ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය අනුව බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

ලංකා අයි.ඕ.සී. සමාගම සඳහා ශ්‍රී ලංකාව තුළ තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී තිබේ.

Read More

එම සතාගේ ජීවිතයට හානියක් සිදුවීම වළක්වා ගනිමින් බේරා ගැනීමට අවස්ථාව තිබිය දී වනජීවි නිලධාරින් ගස කපා බිම හෙළිම නිසා ඊට යට වී එම කඳුකර කොටියා මරණයට පත් වු බව මාධ්‍ය වාර්තා කර තිබිනි.

Read More

අපෙත් සමහර කියලා ගියා එපා කියද්දී, සමහර අයට මම වැන්දේ නැති ටික විතරයි යන්න එපා මේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉමු, හොඳ අනාගතයක් තියෙනවා මේ පක්ෂය ගොඩ නගපුවාම කියලා. අපෙත් 14න් 5ක් ඒ පැත්තට ගියා.

Read More

නිවැරැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට විපක්ෂය රජයට සහය දෙන බවත්, ආර්ථික හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයට ස.ජ.බ යේ සහාය නිසැකවම ලබා දෙන බවත් තිරසාර භාවය සඳහා අතිශයින් වැදගත් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය දැනටමත් ජාත්‍යන්තර උපදේශකයන් පත් කර තිබීම හිතකර තත්ත්වයක් යැයි පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තුව තුළින් ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනිම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ඡන්දය ප්‍රකාශ කළ බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගම් දෙකක 100කට අධික සේවක පිරිසක් සහාය දැක්වූ නමුත් මෙම අවස්ථාවේදී එම සමාගම් දෙකේ නම් හෙළිකිරීමට ඔවුන් අකමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

චීනයේ විශාලතම පෙට්‍රෝ රසායනික සමාගම වන සිනොපෙක් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

Read More

සටන් විරාමයට පෙර දිනවලදී, ගුවන් ප්‍රහාර සහ රොකට් ප්‍රහාරවල වියරුවක් පැවති අතර, ප්‍රහාරවලට පෙර සහ පසුවද දකුණු ඊශ්‍රායලයේ සයිරන් හඬ නැංවිණි.

Read More

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයිය තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් දස දෙනෙකු මේ දක්වා අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

උද්ධමන පීඩනය ලිහිල් කිරීම සඳහා ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් විසින් පසුගිය මාසයේ එළිදක්වන ලද 2022 උද්ධමනය අඩු කිරීමේ පනත ඉරිදා එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් සම්මත කරන ලදී.

Read More

පේරාදෙණිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල ප්‍රධාන පොලිස් පරික්ෂ යෙකුගේ ඇගිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.