විරෝධතාවයක් අතර තුර පොදු දේපොලවලට හානි කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිකා විජේබණ්ඩාර මහත්මිය අද (6දා) නියෝග කළාය.
ඇප ලැබීමෙන් පසු ගල්වැව සිරිධම්ම හිමි අධිකරණයෙන් පිටව ගිය අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින වසන්ත මුදලිගේ බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.