චීනයේ හිටපු නායක ජියැන්ග් සෙමින්ගේ ආදාහනය සිදුවේ
අභාවප්‍රාප්ත වූ චීනයේ හිටපු ජනාධිපති ජියැන්ග් සෙමින්ගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු බටහිර බීජිං හි බාබාඕෂාන් විප්ලවවාදී සුසාන භූමියේදී සිදුකර තිබේ.
ජියැන්ග් යනු සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය (CPC), සමස්ත හමුදාව සහ සියලුම ජනවාර්ගික කණ්ඩායම්වල චීන ජනතාව විසින් පිළිගත් ඉහළ කීර්තියක් භුක්ති විඳි කැපී පෙනෙන නායකයෙකි.
ඔහු ශ්‍රේෂ්ඨ මාක්ස්වාදියෙකු සහ ශ්‍රේෂ්ඨ නිර්ධන පංති විප්ලවවාදියෙකු, හමුදා උපායමාර්ගිකයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ප්‍රශංසාවට ලක් විය. ජියැන්ග් දිගු කලක් තිස්සේ පරීක්ෂාවට ලක් වූ කොමියුනිස්ට් සටන්කරුවෙකු වූ අතර, චීන ලක්ෂණ සහිත සමාජවාදයේ මහා අරමුණෙහි කැපී පෙනෙන නායකයෙකි. ඔහු පක්ෂයේ මධ්‍යම සාමූහික නායකත්වයේ තුන්වැනි පරම්පරාවේ හරය වූ අතර, ත්‍රිවිධ නියෝජිතයන්ගේ න්‍යායේ ප්‍රධාන නිර්මාතෘවරයා විය.
වත්මන් චීන ජනාධිපති ෂි ජින්පිං ප්රමුඛ අග්‍රාමාත්‍යවරයා මෙන්ම චීන කොමියුස්ට් පක්ෂයේ ඉහළ නියෝජිතයන් ජියැන්ග් සෙමින්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

