පාසල් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති බෙදාහැරි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙක් හොරණ මිල්ලනිය ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 13 මිලිගෑම් 120 ක් හා මත් කරල් 120 ක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මිල්ලනිය පරගස්තොට හා මිල්ලනිය වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකක දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 සහ 33 අතර පසුවන මිල්ලනිය සහ පරගස්තොට පදිංචිකරුවන් වේ.