රජයේ සේවකයින් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම විශ්‍රාම ගතයුතු බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්‍රය ඊයේ (5දා) ප්‍රකාශයට පත්කර ඇත.
2023 ජනවාරි 01දා සිට මෙය බලාත්මක බව ද එහි සඳහන්වේ.