saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4977 hours ago

LATEST

ජපාන අගමැතිවරයා LDP නායකත්වය වෙනස් කරයි

calendar_today 2022 අගෝ 09 - 20:45 remove_red_eye - 157  

කිෂිඩා සිය කැබිනට් මණ්ඩලයද වෙනස් කරනු ඇති අතර, ඒ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට රුපියල් ලක්ෂ 11 කට අධික පාඩු සිදු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද අධිචෝදනා භාර දුන්නේය.

Read More

ට්‍රම්ප් 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වීමේ සූදානම සමග ඔහු වෙත මෙම බලපෑම් සිදුවන බවත්, මෙය ඇමෙරිකාවට ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු යුගයක් බවත් ට්‍රම්ප් පවසා තිබුණි.

Read More

රට තුළ පවතින විදේශ විනිමය ගැටලුව මත පසුගිය කාලය තුළ විවිධ අත්‍යාවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව සීමා කර තිබේ.

Read More

2022 අගෝස්තු 9 වැනි දින කෙන්යාවේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කර තිබේ.

Read More

මෙම වසරේ ඉදිරි මාස 04ක රජයේ වියදම් ලෙස බිලියන 3275ක (3,275,876,558,000) 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

මගී ප්‍රවාහන පුද්ගලික බස්රථ සඳහා ඩීසල් ලබාදීම සීමා කර තිබුණද අද (09දා) සිට පුද්ගලික බස් රථ සඳහා සම්පූර්ණ ඩීසල් ප්‍රමාණයම ලබාදීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

පන්නිපිටිය පොල්වත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක පදිංචි පුද්ගලයෙකු සන්තකයේ තිබී රිවෝල්වරයක් සමග මිලිමීටර් නවය වර්ගයේ උන්ඩ පහක් ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .

Read More

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (9දා) පත් කරනු ලැබිණි.

Read More

විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මීගොඩ ප්‍රදේශයේ නිවසක වැඩි මිලට විකිණිම සඳහා සඟවා තිබූ ඩිසල් ලීටර් 1000ක් සමග පුද්ගලයෙකු අද (09දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

Read More

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමුදු රුක්ෂාන් මහතා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු කඩුවෙල කොරතොට ප්‍රදේශයේ ගල් වලකින් පහළට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

Read More

උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියයන් දින අටකට පසු බදුල්ල සිට කොළඹට , කොළඹ සිට බදුල්ලට ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය අද (09දා) පියවර ගෙන තිබුණි.

Read More

විදුලිය ගාස්තුව සියයට 75ක අගයකින් වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Read More

තේ කෝප්පයක මිල රුපියල් 30 දක්වාත්, බත් පාර්සලයක මිල සියයට 10කින් ද අඩු කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

Read More

නාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රදර්ශනාගාරයක් බිඳ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා ලැප්ටොප් පරිගණක ඇතුළු දේපල තොගයක් සොරාගත් පුද්ගලයෙකු අද (9දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

ඉන්ධන පෝලිමක නවතා තිබූ මෝටර් රථයක් මතට ඒ ආසන්නයේ ඉදිකරමින් පවතින මහල් ගොනැගිල්ලක ඉදිකිරීම් පිණිස යොදාගත් යකඩ බටයක් වැටීමෙන් අද (09දා) උදෑසන අනතුරක් සිදුවිය.

Read More

ගෘහස්ථ ගෑස් මිල සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

බිබිල දොඩන්ගොල්ල ප්‍රදේශයේදි පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (09දා) මාර්ගය හරහා පෙරලී යෑමෙන් එහි ගමන් ගත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් එහි පවත්නා වර්තමාන ගැටලු පිළිබද සාකච්ඡා කිරීමේ අරමුණින් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් වරාය අධිකාරියේ ඉහල කළමණාකාරිත්වය සමඟ වරාය හා නාවික ගුවන් සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Read More

හික්කඩුව වවුලාගොඩ ප්‍ර දේශයේ හෝටලයක ඊයේ (8දා) රෑ ඇතිවූ හදිසි ගින්නකින් එම හෝටලයට දැඩි අලාභහානි සිදුව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.

Read More

2022 වසර සඳහා වන 2021 අංක 30 දරණ විසර්ජන පනත (අයවැය) සඳහා ඉදිරිපත් කරන සංශෝධන පනත් කෙටුම්පත් අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ 2ති විශේෂ උත්සවයක් අතරතුර ල බුජේ හි පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන්ගේ අනුශාසනා පරිදි ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි ලාඕස් වේළුවනාරාම බෞද්ධ විහාරස්ථානය වෙත භාර දෙන ලදි.

Read More

කොළඹ පැවැති විරෝධතාවලට එක්වූ හා අරලිය ගහ මන්දිරයට මෙන්ම ජනාධිපති මන්දිරයට එක්වූ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

තෝඩුවාව පොලිස් වසමේ උතරු තෝඩුවාව මෝය ආසන්නයේ පුද්ගලයෙකුගේ නිරුවත් මෘත ශරීරයක් හමුවි ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ෆ්ලොරිඩා හි පාම් බීච් හි හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ නිවස මෙසේ පරීක්ෂාවට ලක්ව තිබේ.

Read More

ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය සඳහන් කරමින් ඉන්දියාව විසින් කොළඹට බලපෑම් කිරීම තේරුමක් නොමැති බව චීනය පවසයි. චීනයේ අධි තාක්ෂණික පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැංග් 5 යාත්‍රාව හම්බන්තෙට වරායට පැමිණීමට සූදානම් වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන් වෙන්බින් මේ බව පැවැසීය.

Read More

තායිවාන දූපත වටා සජීව උණ්ඩ භාවිතයෙන් සිදුවන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ පුහුණුවීම් දිගටම කරගෙන යන බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර අණදෙන නිලධාරියා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබූ මතභේදාත්මක යුවාන් වැංග් 5 නෞකාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදලි කිරිමක් සිදුකර තිබේ.

Read More

පෙබරවාරි අගදී රුසියාව යුක්රේනයට හමුදා යැවීමෙන් පසු දැනටමත් ඇමෙරිකාවෙන් ඇ.ඩොලර් බිලියන 8.8ක් පමණ යුද ආධාර යුක්රේනය වෙත ලබා දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.