අධිකරණ තීන්දුව අනුව කටයුතු කිරීමට බැදී සිටින බවත් ඒ අනුව වියදම් පෙළ ගස්සවා ගැනීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
මැතිවරණයට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"අධිකරණ තීන්දුවට අපි සියලු දෙනාම ගරු කරන්න ඕන. මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන් අධිකරණ තින්දුව පැහැදිලි කරගෙන ඒ අනුව කටයුතු කිරිම හැමදෙනාගේම වගකිමක්. මුදල් අමාත්‍යාංශය හැටියට අපි ඒ ගෞරවය අනුව කටයුතු කරනවා. අපි ඒකේ වැරදිමක් දකින්නේ නෑ. අධිකරණ තීන්දුව අනුව කටයුතු කරන්න බැදී සිටිනවා. ඒ තින්දුව අපි වියදම පෙළ ගස්සවා ගැනීමට කටයුතු කරනවා."